යාපනයේ ගුවන්තොටුපලෙන් ආ අයගෙන් ප‍්‍රවේශම් වන්නැයි අනතුරු අගවයි..

March 20, 2020 at 6:29 am | lanka C news
යාපනයේ ගුවන්තොටුපලෙන් ආ අයගෙන් ප‍්‍රවේශම් වන්නැයි අනතුරු අගවයි..

යාපනය පලාලි ගුවන්තොටුපල හරහා යාපනය දිස්ත්‍රීක්කයට විදෙස්ගතව සිට පැමිණි අයගෙන් කොරෝනා වයිරසය හේතුවෙන් ආරක්ෂාකාරී වන ලෙසට යාපනයේ ජනතාවට යාපනය රෝහල් වෛද්‍ය සංගමය විසින් අනතුරු අඟවා ඇත.

යාපනය රෝහල රජයේ වෛද්‍ය සංගම් නියෝජිතයින් පිරිසක් විසින් යාපනය මාධ්‍ය සමාජයේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මේ බව පවසා සිටියේය.

එහිදී යාපනය රජයේ වෛද්‍ය සංගමය වැඩි දුරටත් පවසා සිටියේ ,

‘යාපනය පලාලි ගුවන්තොටුපල විවෘත්ව තැබුනු අවසන් දින කිහිපයේදී විදෙස්ගතව සිට පුද්ගලයින් 60 දෙනෙකු පමණ යාපනයට පැමිණ ඇති බවටත් ඉන් 14 දෙනෙකුගේ පමණ පදිංචි ස්ථාන හඳුනාගෙන ඔවුන්ට කොරෝණා වයිරසය ආසාධනය වී ඇත්දැයි පරික්ෂා කිරීමට පියවර ගෙන ඇති හෙයින් එවැනි පිරිස් සිටින ප්‍රදේශ හා පුද්ගලයින් සමග සිටීමේදී ආරක්ෂා වන සෙට ඉල්ලා සිටියේය.

එමෙන්ම කොරෝනා වයිරස් අවධානම හේතුවෙන් යාපනය ජනතාව පිළිපැදිය යුතු ආරක්ෂිත පියවර කිහිපයක් මෙන්ම නාදුනන විදෙස් ජාතිකයින් හෝ විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනය නොවූ පිරිස් ඇත්නම් ලඟම පිහිටි පොලිස් ස්ථානයන්ට හා සෞඛ්‍ය නිලධාරී කාර්යාල වෙතට දැනුම් දෙන ලෙසටත් ඉදිරි දින 14 ක පමණ කාලය තුලදී ගමන් බිම්න වලින් වැලකී හැකි තරම් නිවෙස් තුලට වී සිටීම වැනි ආරක්ෂිත පියවරයන් කිහිපයක්ද මාධ්‍ය සාකච්ඡාවට එක්වූ යාපනය වෛද්‍ය සංගමය විසින් වැඩි දුරටත් පෙන්වා දෙනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

41,990 Viewers

5 Comments to “යාපනයේ ගුවන්තොටුපලෙන් ආ අයගෙන් ප‍්‍රවේශම් වන්නැයි අනතුරු අගවයි..”

  1. cw says:

    Don’t admit the to IDH if they have any symptoms of Corona. Let them be treated by their saviour Sambanthan who protested against quarantine centre in their ” Tamil Land”.

  2. දකුණේ මිනිස්සුන්ට නිරෝදායනය කරන්න උතුරේ මද්‍ය්ස්ථානවලට ගේන්න එපා කියපු TNA කාරයන්ට කියන්න තියෙන්නේ දැං ඉතින් හැදුනොත් තොපේ වැඩ ත් තොපි ම කරගියව්.

    තොපි ට හැදුනොත් අපි නං නෑ.

    තොපේ වැඩ තොපි ම කරගියව් .

  3. MD says:

    Wadak wena ekak naha.eka ledak iwarawenakota tawa ledak oya TNA Kattiya lagatama genath denawane.

  4. දේශප්‍රේමියා says:

    ගුවන් තොටුපල ලංකාවේ එකක් නම්,වැඩ කරන උන් අපේ උන්නම්, තානාපති කාර්‍යාල වල ඉන්නෙත් රජයේ සේවකයො නම් රටට ආපු ගියපු මිනිස්සු ගැන හරි විස්තරයක් තියෙන්න ඕන නේද?
    අනිත් එක කිසිම රටක තියෙන ශ්‍රීලංකා තානාපති කාර්යාලයක ඒ රට ඇතුලේ ඉන්න ලංකාවේ මිනිස්සු ගැන විස්තරයක් නෑ.
    ඒ ඒ රටවල් වල ලංකාවේ මිනිස්සු කී දෙනෙක් ඉන්නවද ,එයාලා මොනවද කරන්නේ,කොහෙද ඉන්නේ කිසිම විස්තරයක් තානාපති කාර්යාලවල නෑ.
    ඉතින් මිමිනිස්සුන්ට සේවය කරන්න පිහිටවපු ආයතන වල තත්වය මෙහෙමනම් ,මුන් මිනිස්සුන්ට පිහිට වෙන්නෙ කොහොමද කරදරයක් උනාම.
    රජයෙන් පඩි අරන් රට ඉදන් සැප ගන්නවා.

    අනිත් රටවල් වල තානාපති කාර්‍යාල වලින් රට ඉන්න එයාලගේ මිනිස්සුනට වෙන සේවාව දැක්කාම දුකයි.

    ජනාධිපතිතුමණි කොරෝනා ඉවර උන ගමන් රජයෙන් වැටුප් ගන්න සෑම සේවකයෙක්ගෙන්ම මීට වඩා නිවැරැදි හා කාර්‍යයක්ශම සේවයක්
    ලබාගන්නා ක්‍රමවේදයක් සම්භන්දයෙන්ද අවධාරණය යොමු කරන්න

  5. LION says:

    යාපනය පලාලි ගුවන්තොටුපල පිහිටවීම රජය කරපු ලොකුම මෝඩකමයි

Main News