යාපනයේ තරුණියක් ළිඳකට වැටීමෙන් මිය යයි….

March 21, 2020 at 2:10 am | lanka C news
යාපනයේ තරුණියක් ළිඳකට වැටීමෙන් මිය යයි….

යාපනය නල්ලූර් ප්‍රදේශයේ පදිංචි තරුණියක් ගෙවත්තේ පිහිටි ළිඳට වැටීමෙන් මිය ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි.

නල්ලූර් චෙම්මිණි ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි එම්.කස්තුරි නැමති තරුණිය නිවසේ සිටින අවස්ථාවේදී ළිඳට ජලය ගැනීමට ගිය අවස්ථාවේදී එකවරම ළිඳට වැටී ජලයේ ගිලීමෙන් මිය ගොස් ඇත.

ළිඳට වැටීමෙන් පසුව අසල්වාසීන් විසින් තරුණිය ගොඩට ගෙන යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කලද ඒ වන විටත් තරුණය මිය ගොස් ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,415 Viewers
Main News