යාපනයේ යතුරු පැදි කල්ලිය එති.. තවත් දෙදෙනෙක් කපා පිරිසක් පලා යයි…
November 13, 2017 at 5:30 pm | lanka C news
යාපනය මවුන්ටන් මාර්ගයේ පුද්ගලයින් දෙදෙනෙකුට ඊයේ (12) රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි පිරිසක් තියුණු ආයුධ වලින් පහර දීම හේතුවෙන් කැපුම් තුවාල සහිතව යාපනය මහරෝහලට ඇතුලත් කොට ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.
මවුන්ටන් මංසන්ධියේ පුද්ගලයින් දෙදෙනෙකු ගමන් කරමින් සිටින අතරතුර පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යතුරුපැදි දෙකකින් පැමිණ එකවරම අදාල තරුණයින් දෙදෙනාට තියුණු ආයුද වලින් පහර දී පලා ගොස් ඇත.
මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ යාපනය ගුරුනග්ර්හි පදිංචි 40 හැවිරිදි කේ.ගජේන්ද්‍රන් හා යාපනය කච්චේරි මන්සන්ධියේ පදිංචි 47 හැවිරිදි සදාසිවම් කලාචෙල්වම් යන අය වන අතර මේ වන විට ඔවුන් යාපනය රෝහලේ 24 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටිති.
අදාල පහරදීම සිදු කළ පිරිස් තමන් නොදන්නා බවටත් එකවරම් පහර දී පලා ගිය හෙයින් පහරදුන් පිරිස් හඳුනා ගැනීමට නොහැකි බවටද තුවාල ලත් දෙදෙනා යාපනය පොලීසිට පවසා ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Mahindage wadak kiyala kiyapalla….
සිරිසේන ගේ උතුරේ කොටි සහජීවනය ද මේ ???