යාපනයේ පොලිස් මුරපොලකට ගිනි තියලා…

March 30, 2018 at 4:40 pm | lanka C news
යාපනයේ පොලිස් මුරපොලකට ගිනි තියලා…

යාපනය, අරියාලෙයි මනියතෝට්ටම් ප‍්‍රදේශයේ ස්ථාපිත කර තිබූ පොලිස් මුරකුටියක් කිසියම් පිරිසක් විසින් පෙරේදා (28) රාත්‍රියේ ගිනිතබා විනාශ කර ඇති බව යාපනය පොලිසිය පැවසීය.

මනියතෝට්ටම් ප‍්‍රදේශයේ සිදුවන නීති විරෝධී ක‍්‍රියා සහ වැලි ජාවාරම් වැළැක්වීම සඳහා මෙම මුරකුටිය ස්ථාපිත කොට තිබූ බව පොලිසිය පැවැසීය.

මාස කිහිපයක් අදාල ප‍්‍රදේශයේ තිබූ පොලිස් මුරකුටිය භාවිතයට නොගෙන තිබූ අතර පසුව එය කිසයම් පුද්ගලයින් පිරිසක් විසින් ගිනිතබා ඇත.

මෙම ගිනි තැබීම සිදු කරන ලද්දේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය නොවූ බවත් කිසිවෙකුගේ කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් විය හැකි බවට සැක පළකරන බව යාපනය පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

6 views

3 Comments to “යාපනයේ පොලිස් මුරපොලකට ගිනි තියලා…”

  1. lion says:

    මහනුවරට හදිසිනීතිය යාපනයට?

  2. නැවුම් මාවතේ චල් වන්න says:

    මේ වගේ වෙලාවට තමයි චම්පික වගේ කොන්ද පන තියෙන, එඩිතර, අවංක නායකයෙකුගේ අවශ්‍යතාවය රටට තදින් දැනෙන්නෙ.

  3. David Milli-banda says:

    Koheda oi Champikayata kondak thiyenne??
    That has got wasted.

Main News