යාපනයේ තියුණු ආයුධ වලින් පහරදී තිදෙනෙක් රෝහලේ.. ආවා කල්ලියදැයි සැක..

June 8, 2020 at 4:40 pm | lanka C news
යාපනයේ තියුණු ආයුධ වලින් පහරදී තිදෙනෙක් රෝහලේ.. ආවා කල්ලියදැයි සැක..

යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ කිසියම් නාදුනන් පිරිසක් විසින් තියුණු ආයුධ වලින් ඊයේ (07) රාත්‍රියේ සිදු කරන ලද පහර දීමක් හේතුවෙන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට කොඩිකාමම් පොලීසිය පවසයි.

කොඩිකාමම් වෙල්ලාම්බොක්කට්ටි ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර එහිදී නාදුනන පිරිස් එකවරම පැමිණ මෙම පහරදීම සිදු කොට පහරකෑමට ලක් වූ අයෙකු පැමිණි යතුරුපැදියක්ද ගිනිතබා පලා ගොස් ඇත.

තියුණු ආයුදවලින් පහරකෑ තිදෙනෙකු දැඩි කැපුම් තුවාල සහිතව කොඩිකාමම් රෝහලට ඇතුලත් කොට ඇති අතර පහරකෑමට ලක්ව ඇත්තෙ එම ප්‍රදේශයේම පදිංචි 19 හැවිරිදි සුරේන්ද්‍රන් වෙනිස්වරන්, එහුගේ පියා වූ 53 හැවිරිදි වේලුපිල්ලේ සුරේන්ද්‍රන් හා 23 හැවිරිදි මහේන්ද්‍රන් අජන්තන් නැමති අයයි.

අදාල පහරදීම සිදුකල පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර ආවාකල්ලියේ පහරදීමක් හෝ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් දැයි යන්න සැක සහිත බවට පරික්ෂණ සිදුකරන කොඩිකාමම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

11,908 Viewers

6 Comments to “යාපනයේ තියුණු ආයුධ වලින් පහරදී තිදෙනෙක් රෝහලේ.. ආවා කල්ලියදැයි සැක..”

  1. GU-VP SAKKILI API says:

    Mona pissuda meka karala tiyenne Army eken nadda mama ahanne

  2. බෙර හඬ says:

    ඡංදය නොතිබියහැකි වාතාවරණයක් හූල්ගේ මූලිකත්වයෙන් පටන් අරගෙනවත්ද?

  3. Vishnu says:

    🎵🎵 වැඩ කරන
    අපේ විරුවා
    මව් බිමට
    පෙමින් සැමදා
    රට රකින
    කෙනෙක් වේ නම්
    ඒ ඔබයි
    උතුම් මිනිසා ,🎵🎵

    දැන් තාලෙට කියමු බලන්න.

  4. Sirimal says:

    ආවා
    Or
    කොටි

    Government please be ALERT

  5. රොෂාන් says:

    තාම තියෙන්නෙ නපුංසක යහපාලන ආණ්ඩුවමද ?

  6. MD says:

    Hamudapatitumani obata Arakshawa Amataka wenawa wage Danenawa.Dan Pahugiya dawasaka bombayak Pipurunata ekata hetuwa hoyagattada?Pasku walata issellath Me dewal saren sare wuna.Hmmm…….Mewani Wadanam wenna baha.

Main News