යාපනයේ දමිළ පාසල් දරුවන්ට ගුවන්යානයක අත්දැකීම දුන් යුද හමුදාව….

March 20, 2019 at 2:05 am | lanka C news
යාපනයේ දමිළ පාසල් දරුවන්ට ගුවන්යානයක අත්දැකීම දුන් යුද හමුදාව….

යාපනයේ දමිළ පාසල් දරුවන්ට නව අත්දැකීමක් වශයෙන් පලාලි ගුවන් හමුදා කඳවුරේ ගුවන් යානා බැලීමේ අවස්ථාවක් ලබා දීම යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන තිබුණි.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ පාසල් ගුරුවරුන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව යාපනයේ පූතූරු මඩිහේ පංඥාසීහ විද්‍යාලය සහ වාතරවත්තෙයි විග්නේස්වරා විදයාලයේ පාසල් ළමුන් වෙනුවෙන් පලාලි ගුවන් හමුදා කඳවුරේ ගුවන් යානා නිරීක්ෂණයට අවස්ථාවක් ලබා දී තිබුණි.

මෙම පාසල් දරුවන් ගුවන් යානා සමීපයට කෙදිනකවත් දැක නොමැති හෙයින් පාසල් දරුවන් වෙනුවෙන් ලබා දුන් නව අත්දැකීම සඳහා යුද හමුදාවට පාසල් දරුවන්ගේ ගුරුවරුන් ප්‍රසාදය පල කර අතර සහභාගී වූ සියලුම දෙනා වෙනුවෙන් යුද හමුදාව විසින් සංග්‍රහයක්ද ලබා දුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,320 Viewers

One Comment to “යාපනයේ දමිළ පාසල් දරුවන්ට ගුවන්යානයක අත්දැකීම දුන් යුද හමුදාව….”

  1. KP says:

    මේවා කලාම හිතේ කෙලේ ගුනේ හැදෙන්නේ මෝඩ සිංහලයින්ගෙ විතරයි බොලව්….!

Main News