යාපනයේ දිනක් තුල කොරෝණා මරණ 5ක්…

June 2, 2021 at 2:18 am | lanka C news
යාපනයේ දිනක් තුල කොරෝණා මරණ 5ක්…

යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවීඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 05 දෙනෙකු 31 දින තුල පමණක් වාර්ථා වූ බවට යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.

මේ අතර කොවීඩ් 19 වෛරසය හේතුවෙන් පසුගිය වසරේ (2020) සිට මේ දක්වා යාපනය දිස්ත්‍රීක්කයේ ආසාදිතයින් 43 දෙනෙකු මිය ගොස් ඇති බවටද සෞඛ්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ අනුව 31 දින මිය ගිය කොවීඩ් වෛරසය ආසාදිතයින් යාපනය කොලොම්බුතුරෙයි ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි අයෙක්, නෙඩුන්තීව් ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි අයෙක් , කරෙයිනගර් ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙක්, ගුරුනගර් ප්‍රදේශයේ පදිංචි  71 හැවිරිදි අයෙක් සහ මන්නාරමේ පදිංචි 53 හැවිරිදි අයෙක් බවට වාර්ථා වෙයි.

කෙසේ වෙතත් උතුරු පලාතේ මේ වන විටත් දෛනික කොවීඩ් ආසාදිතයින් වැඩිම වාර්ථා වන්නේද යාපනය දිස්ත්‍රීක්කයෙන් බවටද යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

6,023 views