යාපනයේ යුද හමුදාවෙන් උතුම් සත්කාරයක්..
August 24, 2018 at 8:40 am | lanka C news
යුද්දෙන් පසුව යාපනය දිස්ත්‍රීක්කයේ නැවත පදිංචිව ඉතා දිළිඳු තත්වයේ සිටි දමිළ පවුල් දෙකක් වෙනුවෙන් අංග සම්පූර්ණ නිවාස දෙකක් සාදා පරිත්‍යාග කිරීමට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන තිබුණි.
යාපනය, ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ සංකල්පයක් මත යාපනය කයිට්ස්, අල්ලප්පිඩ්ඩි, වෙන්පූර්නගර් ප්‍රදේශයේදී අදාල නිවාස දෙක පරිත්‍යාග කෙරුනේද යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ ප්රධානවත්යෙනි.
දහම් පහන පදනමේ චාර්ල්ස් තෝමස් සහෝදරතුමන් ඇතුළු පිරිසගේ මුල්‍ය පරිත්‍යාගයෙන් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙබල ශ්‍රම දායකත්වයෙන් අදාල නිවාස ඉදිකොට තිබිණ.
පසුගිය ජූනි මස 13 වැනිදා නිවාස ඉදිකිරීම් ආරම්භ කොට තිබු අතර, වැඩ නිමකරන ලද නිවාස (22) දින පැවරීම සිදුකරනු ලැබීය.
වැඩසටහන් අවස්ථාවට දහම් පහන පදනමේ චාර්ල්ස් තෝමස් සහෝදරතුමන්,දහම් පහන පදනමේ නියෝජිතයින්,යාපනය ආරක්ෂක සේනා උසස් නිළධාරීන්,ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
What about innocent homeless sinhala peoples who are living in Jaffa..they dont have schools, homes and land .???
චාර්ල්ස් තෝමස් කියන්නේ කිතුනුදහම මූලධර්මවාදය කරා ඇදගෙන යන කෙනෙක්. වැඩේ නම් හොඳයි ඒත් මේවායේ යටි අරමුනු වෙනුවෙන් හමුදාව පාවිච්චි කරන එක වැරදි
කුරුසකාරයන්ට කොහෙන්ද දහම් පහනක් ආවේ
පුලුවන්නම් හමුදාව ලවා ආවා කල්ලියටත් උදේ හවස වන්දනා කරවපල්ලා.සිංහල අපේ පැරණි බෞද්ධ වෙහෙර විහාර ඩෝසර් කරනව, කෝවිල් හදනව එවට කථා නැ.