යාපනයේ දූපත් ජනතාවට නාවික හමුදාවෙන් පෙරපාසල් ගොඩනැගිලි…

October 25, 2019 at 2:02 am | lanka C news
යාපනයේ දූපත් ජනතාවට නාවික හමුදාවෙන් පෙරපාසල් ගොඩනැගිලි…

යාපනය මණ්ඩතිව් හා පුන්කුඩතිව් දූපත්හි ජනතාවගේ දූදරුවන් වෙනුවෙන් අවශ්‍යව තිබූ පෙරපාසල් ගොඩනැගිලි දෙකක් ඉදිකොට ජනසතු කිරීමට උතුරු නාවික විධානය විසින් පියවර ගෙන ඇත.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ උපදෙස් මත උතුරු නාවික විධාන ආඥාපති තුමන්ගේ පූරණ අධීක්ෂණයන් යටතේ පුන්කුඩතිව් දූපතේ සහ මණ්ඩතිව් දූපත්හි නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකිරන ලද පෙරපාසල් දෙකක් ජනසතු කිරීම පසුගියදා සිදු කෙරුණි.

අදාල ප්‍රදේශයන්හි පෙරපාසල් වයසේ දරුවන්ට මූලික අධ්‍යපනය ලබාදීමේදී ගෙඩනැගිලි නොමැතිව පැවති ගැටලුව සමබන්ධයෙන් උතුරු නාවික විධාන ආඥාපති තුමන් දැනුවත් කිරීමෙන් පසුව එම දරුවන්ගේ අනාගත සුභසිද්දිය උදෙසා මෙම පෙරපාසල් ගොඩනැගිලි නාවික හමුදා ශ්‍රමාදායකත්වයෙන් ඉදිකොට දෙනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,098 Viewers
Main News