යාපනයේ ධනු රොක් කල්ලි නායකයාට ප්‍රහාරයක්… තුවාල ලබා රොහල්ගත කෙරේ…

September 28, 2020 at 8:02 am | lanka C news
යාපනයේ ධනු රොක් කල්ලි නායකයාට ප්‍රහාරයක්… තුවාල ලබා රොහල්ගත කෙරේ…

යාපනය නගරයේ පෙරුමාල් හින්දු කෝවිල අසලදී  පුද්ගලයෙකුට කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධ වලින් පහරදීම හේතුවෙන් බරපතල තත්වයෙන් යාපනය රෝහලට ඇතුලත් කොට ඇති බවට යාපනය පොලීසිය පැවසීය.

අදාල පහරදීමෙන් තුවාල ලබා රෝහල්ගත කොට ඇත්තේ ධනුරොක් කල්ලි නායකයා වශයෙන් හැඳින්වුනු ධනු නැමත්තා බවට යාපනය පොලීසිය සැක පල කර සිටියි.

යාපනය පෙරුමාල් හින්දු කෝවිල අසලදී ධනු රොක් නැමත්තා විසින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෝටර් රථයකින් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තියුණු ආයුධ සමග පැමිණ පහර දී ඇත.

එහිදි ධනු රොක් නැමත්තා හා පැමිණි පිරිස පහරදීගෙන ඇති අතර ඒ පිළිබඳව පොලීසියට හා පොලිස් විශේෂකාර්ය බලකායට දැනුම් දීමෙන් පොලීසිය පැමිණීමත් සමග මෝටර් රථයෙන් පැමිණි පිරිස් විසින් මොටර් රථය දමා පලා ගොස් ඇත.

එහිදී තියුණු ආයුධ වලින් පහරකෑමකට ලක්ව සිටි ධනු රොක් නැමත්තා රෝහල්ගත කිරීමට පොලීසිය විසින් පියවර ගෙන ඇති අතර දමා ගිය මොටර් රථයේ හිමිකාරීත්වය අනුව පැමිණි පිරිස් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණයක් අරඹා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

14,605 views

2 Comments to “යාපනයේ ධනු රොක් කල්ලි නායකයාට ප්‍රහාරයක්… තුවාල ලබා රොහල්ගත කෙරේ…”

  1. kamal says:

    ප්‍රභාකරන් ගැන වචනයක් කිය යුතුය.
    මම කියන්නෙ ප්‍රභාකරන් පොන්නයෙක් කියා අහිංසකයන්ට විරුද්ධව අත උස්සන්නෙ පොන්නයො මිට උඹලා වගේම ඉන්දියාවෙන් ආපු කමල් නාරායන.
    Ninga teriyama nane yaru. Ungaluaku kutali elleai singala makkal kutali. Adi yean ungalku teriyama Sinhala makkal nallam aduku teriyam yaruku vanagu niga adi teriyadu. Ni buddha bagavan vanagu elleai. Ninga velinadu nane velinadu sigalam velinadu adu prichchanea elleai. Appa sari elleai ninga yarukku adikka pabakarn nai Buddha bagavan Bikku vangu elleai.
    You know who am i. I am not your friend I am Sinhalese friend. Why that You know Sinhalese are good they know whom to worship You don’t know. You don’t worship Budhha. You from india I am from india Sinhalese from india, that is not a matter. That is not good whom to you attack, pabakaran is a dog because Didn’t worship Buddha and sanga.

  2. MD says:

    ඕවා කරන්න තිබුණෙ 2019 යහපාලන කාලේ.දැන්නම් පුතෝ පරක්කු වැඩියි.කොනක ඉඳලා සුද්ධ කරගන්න වෙයි හොඳේ.සෙල්ලම් කරන්න හදන්න ඵපා දරුවනේ.ලොකු තැන හොඳින් තියාගෙන සාධාරණ ඉල්ලීම් දිනා ගෙන යහපත් ජිවිතයක් ගතකරන්න.හා..ද..

Main News