යාපනයේ ධීවර මාදැලකට රුපියල් කෝටියකට අධික පරා මාළු ඉල්ලමක්..

April 18, 2018 at 5:30 pm | lanka C news
යාපනයේ ධීවර මාදැලකට රුපියල් කෝටියකට අධික පරා මාළු ඉල්ලමක්..

යාපනය වඩමාරච්චි ප්‍රදේශයේදී ඊයේ(17) සවස එලන ලද මාදැලකට පරා මාළු කිලෝ දසදහසකට වැඩි ප්‍රමාණයක් හසු වූ බවට වඩමාරච්චි ධීවරයින් කියා සිටියහ.

සුපුරුදු පරිදි මාදැල ඇදීම සිදු වුවද ඊයේ සවස එලන ලද මා දැල අදින ලද අවස්ථාවේදී වෙනදා සිටි පිරිසට මා දැල ඇදීමට අසීරු වී ඇති අතර තවත් බොහෝ පිරිසකගේ සහය ඇතිව මාදැල ඇදීම සිදු කළ අතරම එහිදි පරා මාළු රංචුවක් තම මා දැලට හසුව තිබූ බවට එම ධීවරයින් කියා සිටියහ.

මාදැලෙන් හසුවූ බොහෝ පරා මාළුන් කිලෝ එකකට වැඩි බරකින් යුක්ත වූ අතරම එම මාළු තොගයේ වටිනාකම රුපියල් කෝටි එකහමාරකට ආසන්න බවටද ධීවරයින් පැවසූහ.

හසු වූ පරා මාළුන් තොග මිලකට විකිණීමට අවශ්‍ය පියවර ගෙන ඇති අතරම අවුරුදු අවසන් වී ධීවර කර්මාන්තය ආරම්භ වීමත් සමග මෙවැනි මාළු අස්වැන්නක් ලැබීම පිළිබඳව සියළුම ධීවරයින් මහත් සතුටින් සිටින බවටද වඩමාරච්චි ධීවරයින් වැඩි දුරටත් කියා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

 

87 views
Main News