යාපනයේ නාවික හමුදා කඳවුරු භූමියක මිනුම් කටයුතුවලට එරෙහි විරෝධතා… මිනුම් කටයුතු නවතයි…

January 19, 2021 at 4:40 pm | lanka C news
යාපනයේ නාවික හමුදා කඳවුරු භූමියක මිනුම් කටයුතුවලට එරෙහි විරෝධතා… මිනුම් කටයුතු නවතයි…

යාපනය මණ්ඩතිව් ප්‍රදේශයේ පිහිටි නාවික හමුදා කඳවුරු අසල භූමියක මැනුම් කටයුතු කිරීමට එරෙහිව ඊයේ (18) සවස විරෝධතාවයක් පැවත්වීඹ හේතුවෙන් මැනුම් කටයුතු තාවකාලිකව නවතා දැමීමට සිදු විය.

මණ්ඩතිව් දූපතේ පිහිටි වේලුසුමන නාවික හමුදා කඳවුරු අසල භූමියේ පිහිටි අක්කර 18 ක භූමි ප්‍රදේශයේ සංවර්ධන කටයුත්තක් සඳහා මිනින්දොරු දෙපාර් තමේන්තු නිලධාරීන් විසින් පැමිණ මැනීමේ කටයුතු ආරම්භ කරන අවස්ථාවේදී ප්‍රදේශවාසීන් හො දේශපාලන නියෝජිතයින් පිරිසක් විසින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබුණි.

දෙමළ ජාතික සන්ධානයේ සහ දෙමළ ජාතික ජනතා පෙරමුනේ නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් පිරිසක් විසින් සහභාගී වූ විරෝධතාවයේදී විරෝධතා කරුවන් විසින් පවසා සිටියේ අදාල ඉඩම නාවික හමුදාවට කිසිදු අයිතියක් නොමැති බවටත් එය සාමාන්‍ය වැසියන්ට අයිති බවටත් වහාම මැනුම් කටයුතු නවතා දමන ලෙසටත්ය.

පසුව එම ස්ථානයට පැමිණි වේලනෙයි ප්‍රාදේශීය ලේකම් වරයා විසින් පවසා සිටියේ අදාල භූමියෙ මැනුම් කටයුතු තාවකාලකිව නවතා දමන බවටත් ඉදිරියේදී ඉඩම් අමාත්‍යංශයට මේ බව දැනුම් දී එම අමාත්‍යංශයේ අධීක්ෂණයන් හා උපදෙස් පරිදි කටයුතු කිරීමට පියවර ගන්නා බවට පැවසීමෙන් පසුව විරෝධතා කරුවන් විසිර ගියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

21,560 views

8 Comments to “යාපනයේ නාවික හමුදා කඳවුරු භූමියක මිනුම් කටයුතුවලට එරෙහි විරෝධතා… මිනුම් කටයුතු නවතයි…”

  1. CAT says:

    BAN TNA TERRORIST PARTY ..THIS IS SINHALESE MOTHERLAND …Why afraid to minority tamils ?Who cares these indian parasites .Arrest these idiots and send them to jail.

  2. Heman says:

    Me anduwakarannema maha mari moda wada.kisima salalsumak na nikan sawuththu wenawa witharai.yamak karanda issara awasya katautu sampadanaya kara gand epaya..hama ekama ana gannawa.aparade hamudaa sawuththu karanawa

  3. sri says:

    ei mehema anaganne hema ekama, me anduwa wattanna, niladareen mehema karanawada, nettam hetida ????

    ara.tikadawasakata kalin mokadda reddak kadala, etapasse apahu mulgal tiyala tibunata wediya hondata hadanawa.

    anee manda nette endan goma. ☹☹☹☹☹☹

  4. Maha sinhale says:

    එක රටක එක පාලනයක් තිබිය යුතුය. රජය මේ සුළු ජාතීන්ට බිය විය යුතු නැහැ

  5. සමන්ත says:

    මෙචර මැතිවරණයේ දී සුළු ජනවර්ග වල බලය නොමැතිව රජයක් පිහිටවලා දුන් සිිංහලයින් බව මේ ආණ්ඩුවට සැරෙන් සැරේ මතක් කරන්න වෙනවා. අගමැටි ඉන්න කම් හැම දාම වෙන්නේ මේක බහුතරය ප්‍රතික්ෂේප කර සුළුතරය ලංකර ගැනීම. මීළඟ මැතිවරණයේ මතක තබා ගත යුත්තේ මෙවැනි අයව ප්‍රතික්ෂේප කීරීම.

  6. Heshan says:

    යාපනය අතීත සිංහලයන්ගේ ගම්බ්ම්. කල්ලතොනි දෙමලයන්ට අයිතියක් නෑ සිංහලයන්ට නැවත යාපනයේ පදිංචි වෙන්න.

  7. Jepi buster says:

    නියමයි සර් ඔයා පබයෙක් නෙවේ කියල ඔප්පු කලා

  8. mali says:

    sinhalese idiots are selling their precious lands to minority people and they go to 10 perch land s near the cities.Then they become frustrated and always try to grab few inches from their neighbour.This is the reason for sinhalese getting angry with their own relatives and each other, tamils and muslims know the value of the land and they some how acquire every possible inch of land for themselves and they appoint their officials to various positions of land ministry survey department and AGA offices for them to get these task very easily.Their politicians also helping them.
    sinhalese need to address this problem very well unless they become land less very soon in srilanka.

Main News