යාපනයේ නැවත පදිංචියට ගිය ඉඩමක යුද උපකරණ හමු වෙයි…

April 21, 2018 at 2:08 am | lanka C news
යාපනයේ නැවත පදිංචියට ගිය ඉඩමක යුද උපකරණ හමු වෙයි…

යාපනය මයිලිඩ්ඩි ප්‍රදේශයේ නැවත පදිංචියට ගිය වැසියෙකුගේ ඉඩමේ තිබී මොටාර් බොම්බ තොගයක් හා කාලතුවක්කු උණ්ඩ තොගයක් හමු වූ බවට පලාලි පොලීසිය කියා සිටියේය.

යුද්දය හේතුවෙන් ආරක්ෂක අංශ භාරයේ තිබුනු ඉඩම් යලි මුල් අයිති කරුවන් වෙතට ලබා දීමෙන් පසුව එම ඉඩම් එලි පෙහෙලි කරමින් සිටි වැසියෙකුට අදාල මෝටාර් බෝම්බ තොගය හමු වී ඇති අතර පසුව අදාල ඉඩමේ අයිතිකරු විසින් පලාලි පොලීසට දැනුම් දී ඇත. අනතුරුව පලාලි පොලීසිය විසින් යුද හමුදාවටද දැනුම් දීමෙන් පසුව එම ඉඩමේ තිබී මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් බොම්බ 7ක් හා කාලතුවක්කු උණ්ඩ 3ක් සොයාගෙන ඇත

මෙලෙසින් ඉඩමේ පොළව යටින් මෙවැනි බොම්බ තවත් මතු වීමට ඉඩ ඇති බැවින් නැවත පදිංචියට ගිය වැසියන්ට අවධානයෙන් සිය ඉඩම් එලි පෙහෙලි කිරීමට කටයුතු කරන ලෙසට ආරක්ෂක අංශ විසින් ජනතාව දැනුවත් කොට ඇත.

යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ආරක්ෂක අංශ වෙත ප්‍රහාර් එල්ල කරන ලද අවස්ථාවේදී පුපුරා නොගිය බොම්බ හෝ එම සංවිධානය විසින් වල දමන ලද බෝම්බ තිබිය හැකි බවට සැක සහිත බැවින් ජනතාවට පරිස්සම් විය යුතු බවටද දැනුම් දී ඇත.

හමු වූ මෝටාර් බොම්බ අධිකරණ නියෝගයකින් විනාශ කිරීමට පියවර ගන්නා බවටද පලාලි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

39 views
Main News