යාපනයේ නැවත පදිංචි දිළිඳු වැසියන්ට යුද හමුදාවෙන් සනීපාරක්ෂක පහසුකම්

March 12, 2019 at 2:12 am | lanka C news
යාපනයේ නැවත පදිංචි දිළිඳු වැසියන්ට යුද හමුදාවෙන් සනීපාරක්ෂක පහසුකම්

යුද්දෙන් පසුව යාපනය දිස්ත්‍රීක්කයේ නැවත පදිංචියට ගොස් ආර්ථික අපහසුතාවන්ගේ පීඩා විඳින ජනාතව වෙනුවෙන් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සනීපාරක්ෂක පහසුකම් ලබා දීමට පියවර ගෙන ඇත.

යාපනය ආරක්සඛ සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ යාපනය දිස්ත්‍රීක්කයේ නැවත පදිංචිව වැසිකිලි පහසුකම් නොමැති පවුල් 10 ක් වෙනුවෙන් යුද හමුදා ශ්‍රම දායකත්වයෙන් නව වැසිකිලි ඉදිකොට එම වැසියන් වෙතට භාර දීම සිදු විය.

යුද හමුදාවෙන් සාදන ලද වැසිකිලි සංඛේත වශයෙන් භාර දීමේ උත්සවය යාපනය චාවකච්චේරි තිරුමල්ලුවර් ප්‍රජා ශාලාවේදී පැවති අතර එම අවස්ථාවට යාපනය ආරක්ෂක සේනා ආඥාපති තුමන් සමග 52 වන සේනංකාධිපති මේජර් ජෙනරල් ලක්සිරි වඩුගේ මහතා ඇතුලු ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගී විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,576 Viewers

One Comment to “යාපනයේ නැවත පදිංචි දිළිඳු වැසියන්ට යුද හමුදාවෙන් සනීපාරක්ෂක පහසුකම්”

  1. Dayani says:

    What ever good services our army offers in the North to these poor people, their minds are poisioning by Tamil politicians, which is a real fact and therefore, these Tamil people are thought not to appreciate these services.!!!

Main News