යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්…

July 6, 2020 at 2:03 am | lanka C news
යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්…

යාපනය හින්දු කල්ලූර් ප්‍රදේශයේ පිහිටි නිවසකට කිසියම් පිරිසක් විසින් පෙට්‍රෝල් බෝම්බයක් එල්ල කොට පලා ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් එකවරම නිවස දෙසට අදාල පෙට්‍රල් බෝම්බය එල්ල කොට පලා ගිය බවටත් පැමිණි පිරිස් කව්රුන්දැයි යන්න හඳුනාගැනීමට නොහැකි වූ බවටද ප්‍රහාරය එල්ල වූ නිවැසියන් විසින් පොලීසියට ප්‍රකාශ කොට ඇත.

කෙසේ වෙතත් අදාල ප්‍රහාරයෙන් නිවැසියන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතර බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත්තේ නිවසේ ඉදිරිපසට බවටද අදාල ප්‍රහාරය එල්ල කල පිරිස් හඳුනාගැනීමට පරික්ෂණයක් අරඹා ඇති බවටද යාපනය පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

0 views
Main News