යාපනයේ නිවාස 3 කට ආවා කල්ලි ප්රහාරයක්…
April 11, 2019 at 6:48 pm | lanka C news
යාපනය මාණිප්පායි පොලිස් වසමේ පිහිටි නිවාස 03 කට ඊයේ (10) රාත්රියේ ආවා කල්ලියේ සැකකෙරෙන පිරිසක් විසින් පහර දී බඩු බාහිරාදියට හානි කොට පලා ගොස් ඇති බවට මාණිප්පායි පොලීසිය පවසයි.
මාණිප්පායිහි පිහිටි අදාල නිවස් තුනට එකම යතුරුපැදි කණ්ඩායමක් විසින් පහර දීම සිදු කොට ඇති බවට අනාවරනය වී ඇති අතර යතුරු පැදි තුනකින් 9 දෙනෙකු පමණ මුහුණු ආවාරනය කරගනිමින් අදාල ප්රහාරයට පැමිණ ඇති බවට පොලීසිය විසින් අනාවරනය කොට ගෙන ඇත.
පහරදීමට පැමිණි පිරිස් විසින් නිවේස් තිබූ උපකරණ වලට හානි කොට නිවෙස් හිමියන්ට හානියක් නොකොට ඔවුන්ට තර්ජනය කොට පලා ගොස් ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණයක් අරඹා ඇති බවට මාණිප්පායි පොලීසිය වැඩි දුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
හේතුව කුමක්ද ? දෙමල කොටි ඩයස් පෝරාවට සහ ,උතුරේ TNA ජාතිවාදී දේශපාලකයන්ට එරෙහිව ද ?