යාපනයේ පාසල් දැරියගේ ඝාතකයින්ට දඩුවම් ඉල්ලා උද්ඝෝෂණ

June 27, 2018 at 12:40 pm | lanka C news
යාපනයේ පාසල් දැරියගේ ඝාතකයින්ට දඩුවම් ඉල්ලා උද්ඝෝෂණ

යාපනය සුලිපුරම් ප්‍රදේශයේදී ඝාතනය කෙරුනු අවුරුදු 06 ක් වයසැති දැරියගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන්ට වහාම දඩුවම් දෙන ලෙසට ඉල්ලා යාපනයේ පාසල් දරුවන් හා ප්‍රදේශවාසීන් එක්ව ඊයේ සහ අද (27) දිනයන්හි උද්ඝෝෂණයන් සංවිධානය කොට තිබුණි.

සුළිපුරම් පාසල සහ ඝාතනයට ලක් වූ ශිවනේශ්වරන් රෙජීනා දැරිය ඉගෙනුම ලබන කාට්ටුපුලම් රජයේ දෙමළ මිශ්‍ර පාසලේ සිසු දරු දැරියන්, ගුරුවරුන් හා ප්‍රදේශවාසීන් එක්ව පාසැල් ඉදිරිපිටට රැස්ව උද්ඝෝෂණයක නිරත වෙමින් කියා සිටියේ ඝාතනයට ලක් වූ දැරියගේ මරණයට සම්බන්ධ සියලු සැකකරුවන් වහාම අත්අඩංගුවට  ගෙන ඔවුන්ට නිසි දඩුවම් ලබා දෙන ලෙසයි.

මේ අතර අදාළ උද්ඝෝෂණයෙන් අනතුරුව උද්ඝෝෂකයින් විසින් යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා හමු වී සන්දේශයක්ද භාරදෙමින් කියා සිටියේ අදාළ දැරියගේ ඝාතනය පිළිබඳව බලධාරීන් දැනුවත් කොට දැරියගේ ඝාතනයට සම්බන්ධව විධිමත් පුලුල් පරීක්ෂණයක් සිදු කර සාධාරණයක් ලබා දෙන ලෙසටයි.

මේ වන විට ශිවනේශ්වරන් රෙජීනා දැරියගේ ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන සැකකරුවන් හය දෙනෙකු වඩුක්කොඩෙයි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන යාපනය මල්ලාකම් මහේශ්ත්‍රාත්වරයා වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.

20 views

3 Comments to “යාපනයේ පාසල් දැරියගේ ඝාතකයින්ට දඩුවම් ඉල්ලා උද්ඝෝෂණ”

  1. desta says:

    Mona dauwamda epae dei heta anidda ellum gaha genna kondak nehane me kalakanniyanta dipalla detabadala chande

  2. danu says:

    ගස්වල ලමයි ගසා මරපු උන්ට ඕකත් ලොකු දෙයක් නොවෙයි.

Main News