යාපනයේ පාසැල් 73ක් වසා දමයි..

December 14, 2020 at 12:00 pm | lanka C news
යාපනයේ පාසැල් 73ක් වසා දමයි..

කොවීඩ් 19 අවධානමක් හේතුවෙන් යාපනය උඩුවිල් සහ තෙලිප්පලෙයි අධ්‍යාපන කලාපයන්හි පිහිටි සියලු පාසල් වෙතට අද (14) සිට නැවත දැනුම් දෙනතුරු නිවාඩු ලබා දීමට තීරණය කොට ඇති බවට අධ්‍යාපන අමාත්‍යංශයේ උතුරු පලාත් අධ්‍යාපන ලේකම් එල්.ඉලංකෝවන් මහතා පවසා සිටියි.

උඩුවිල් අධ්‍යාපන කලාපයේ කොවීඩ් ආසාදිතයින් වාර්ථාවීමත් සමග එම ආසාදිතයින් තෙලෙිප්පලෙයි අධයාපන කලාපයේද සංචරනය කොට එම ප්‍රදේශයන් නිරෝධායනය කිරීමට සිදුවීමත් හේතුවෙන් මෙලෙස අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පිහිටි පාසල් වෙතට නිවාඩු ලබා දීමට පියවර ගෙන ඇත.

මේ අනුව උඩුවිල් අධ්‍යාපන කලාපයේ පාසල් 33 ක් සහ තෙලිප්පලෙයි අධ්‍යාපන කලාපයේ පාසල් 40 කට මෙලෙස නැවත දැනුම් දෙනතුරු නිවාඩු ලබා දී ඇති අතර අදාල අධ්‍යාපන කලාපයන්හි අධ්‍යාපනය ලබන සිසු දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙලෙස පියවර ගත් බවටද උතුරු පලාත් අධ්‍යාපන බලධාරීන් වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

6,235 views

2 Comments to “යාපනයේ පාසැල් 73ක් වසා දමයි..”

  1. Bakamuna says:

    Wagakeema? Wagakeema? Ko ara TV eke hitapu gobbaya?

  2. ක්‍රිමිනල් says:

    දරුවන්ව පාසල් යවන්න ,අපි වගකීම බාරගන්නවා කියපු එක වෘක්ශ සුනඛයෙක් පේන්න නෑ , හැංගිලා ! ස’කියුලර් ටම හරියන ඇම්බැට්ටයො ටික.

Main News