යාපනයේ පිපිරීමක්.. පුද්ගලයෙකුට තුවාල…

June 27, 2021 at 7:18 pm | lanka C news
යාපනයේ පිපිරීමක්.. පුද්ගලයෙකුට තුවාල…

මුලතිව් පොලිස් වසමේ ස්වාමිතොට්ටම් ප්‍රදේශයේදී 26 දින සිදු වූ පිපිරීමකින් පුද්ගලයෙකු  තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට මුලතිව් පොලීසිය පවසයි.

අදාල පුද්ගලයා ගෙමිදුල අතුගා කසල එක් කොට ගෙවත්තේ ස්ථානයකට දමා ගිනි තැබීමෙන් සුලු වෙලාවකට පසුව පිපිරීමක් සිදුව ඇති අතර ඉන් එහිදී එම පුද්ගලයා තුවාල ලබා මුලතිව් රෝහලට ඇතුලත් කොට ඇති බව පොලීසිය පැවසීය.

එහිදී පුපුරා ගොස් ඇත්තේ කුමක්දැයි යන්න නිශ්චිතවම අනාවනය වී නොමැති අතර යුද සමයේදී පොළව යට තිබූ කිසියම් බෝම්බයක් හො පුපුරණ ද්‍රව්‍යක් ගිනි තැබීම හේතුවෙන් පුපුරා යන්නට ඇති බවට පොලීසිය සැක පලකර සිටියි.

පිපිරීමෙන් එම පුද්ගලයාගේ තත්වය බරපතල නොවන අතර මුලතිව් පොලීසිය වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

29,417 views

6 Comments to “යාපනයේ පිපිරීමක්.. පුද්ගලයෙකුට තුවාල…”

  1. What.com says:

    💣💣💣💣💣💣💣💣💣💣💣💣💣💣💣💣💣💣💣💣💣💣💣💣💣💣

  2. K. P. says:

    මන් හිතුවා ආපහු කොටි නැගිටිනවෝ කියලා

  3. එක පාරට හිතුනේ හිතාමතා කරපු විශාල පිපිරීමක් කියලා . ශත පහක් වටින්නේ නැති ප්‍රවෘත්ති

  4. අලුත් ම නාටක says:

    කොටියො නෙවෙයි නේද?

  5. harsha says:

    කොටි නැගිටිනවෝ. සර් හිටියානම් මෙහෙම වෙන්නේ නැතෝ.

  6. මරා... says:

    නාමල්ට තමයි මේවා නතරකරන්න පුලුවන්

Main News