යාපනයේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්.. මුහුණ වසාගත් කල්ලියක් දැඩි හානි කොට පලා යයි…
July 21, 2018 at 8:02 am | lanka C news
යාපනය වන්නාර් පන්නෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට 19 රාත්‍රිෙය් කිසියම් නාදුනන පිරිසක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකොට නිවසේ තිබු බඩුබාහිරාදියටද දැඩි ලෙස හානි කොට පලා ගොස් ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.
රාත්‍රියේ 9ට පමණ යතුරුපැදි තුනකින් හය දෙනෙකුගෙන් යුත් පිරිසක් විසින් මුහුණු වසාගෙන වන්නාර් පන්නි පදිංචි වේලුපිල්ලේ වයිරවනාදන් නැමත්තාගේ නිවසට කඩා වැදී නිවසේ තිබූ බඩු බාහිරාදියට දැඩි ලෙස හානි සිදු කොට අවසානයේදී නිවසේ ශාලයට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට පලාගොස් ඇති බවට නිවසේ හිමිකරු විසින් යාපනය පොලීසියට පැමිණිළි කොට ඇත.
අදාල පිරිස් විසින් නිවසට හානි සිදු කරන අවස්ථාවේදී නිවසේ කිසිවෙකුටත් හානි සිදු කොට නොමැති අතර පහරදීමට පැමිණී පිරිස් කිසිවෙකුත් නාදුනන බවටද නිවසේ හිමිකරු විසින් පොලීසියට පවසා ඇති අතර පහරදීමට පැමිණී පිරිස් සොයා පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද යාපනය පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
මොන බොරුද?…හිටං….උං තාම ළදරු වයසේ ඉන්න අහිංසක දරුවෝ…සෙල්ලමට චීන පටස් පත්තු කරන්න ඇති…හිටං…(මීට ගොං නලියා…)
උතුරු පළාත හමුදා පාලනයට බාර දිය යුතුය එසේ නොකොළොත් නැවත යුද්දයක් ගැන හිතන්න වෙනවා
sanhindhiyaawa !
Ane…me podi lamainge wada..demala film ekak balala ena gaman. Sellam karala..