යාපනයේ පෙරපාසල් දරුවන්ට පලාලි ගුවන් හමුදා යානා බලන්න අවස්ථාවක්…
October 22, 2018 at 2:02 am | lanka C news
යාපනය අච්චුවේලී භත්තමේනී විනයාගර් සිගිති පෙර පාසලේ දමිළ පෙර පාසල් දරුවන් හට පලාලි ගුවන් හමුදා කඳවුරේ සංචාරයක නිරත කරවීමට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන ඇත.
පෙර පාසල් දරුවන් හට ගුවන් යානා දැකීමට ඇති ආශාව හා ඒ පිළිබඳව දැනුමක් ලබා ගැනීමට ඇති කැමත්ත පිළිබඳ පෙරපාසල් ගුරුවරියන් විසින් මේ දිනයන්හි යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතාට දැනුම් දීමෙන් පසුව යාපනය ආරක්ෂක සේනා ආඥාපති වරයා විසින් ගුවන් හමුදා බලධාරීන් සමග සකාච්ඡා කොට මෙම අවස්ථාව යාපනයේ පෙර පාසල් දරුදැරියන්ට ලබා දී ඇත.
මේ අනුව පසුගිය දින කිහිපයේදී තවත් පෙර පාසල් කිහිපයක දරු දැරියන් , ගුරුවරුන් හා දෙමාපියන් විසින් යාපනය පලාලි ගුවන් හමුදා කඳවුරේදී සංචාරයක නිරත වෙමින් ඒ පිළිබඳවඅවබෝධයක් ලබා ගන්නා ලදි.
– වන්නි රොමේෂ් මධුෂංඛ