යාපනයේ පෙර පාසල් සිගිත්තන්ට පලාලි ගුවන්තොටුපල හා නාවික වරාය බැලීමට අවස්ථාවක්….

August 17, 2017 at 2:15 am | lanka C news
යාපනයේ පෙර පාසල් සිගිත්තන්ට පලාලි ගුවන්තොටුපල හා නාවික වරාය බැලීමට අවස්ථාවක්….

යාපනය කරවෙඩිඩ් ප්‍රදේශයේ පෙර පාසල් දරු දැරියන්ට පලාලි ගුවන් තොටුපල හා කන්කසන්තුරෙයි නාවික හමුදා ජැටිය දැක බලා ගැනීමට අවස්ථාවක් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කොට ඇත.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ පූරණ අධීක්ෂණයන් යටතේ පලාලි ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් හා කන්කසන්තුරෙයි නාවික හමුදා නලධාරීන්ගේද සහය ඇතිව මෙම පෙ ර පාසල් දරු දැරියන්ට මෙම නව අත්දැකීම ලබා දී ඇත.

කරවෙඩ්ඩි ජේසු පෙරපාසලේ ගුරුතුමිය වූ එම්.පුෂ්පමාලා මෙනෙවියගේ ඉල්ලීමකට අනුව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් මෙම අවස්ථාව සංවිධානය කොට තිබුණි.

මෙම අවස්ථාවට පෙර පාසල් ගුරුවරුන් 05 දෙනෙකුද දරු දැරියන් 48 දෙනෙකු හා ඔවුන්ගේ දෙමාපියන් සහභාගී වූ අතර මෙම අත්දැකීම පළමු වරට විඳී බවට ඔවුන් කියා සිටියේ මහත් සතුටකින් යුතුවය.

අදාල සංචාරය සඳහා පැමිණි පිරිස් වෙතට අවශ්‍ය ආහාර පාන ආදි පහසුකම්ද යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සපයා දී තිබුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

31 views
Main News