යාපනයේ පොලිස් නිලධාරීන්ට පහර දුන් දෙදෙනෙක් අත්අඩංගුවට.. රිමාන්ඩ්..

August 4, 2017 at 8:02 am | lanka C news
යාපනයේ පොලිස් නිලධාරීන්ට පහර දුන් දෙදෙනෙක් අත්අඩංගුවට.. රිමාන්ඩ්..

යාපනය, කෝපායි ප්‍රදේශයේදී පොලිස් නිළධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙක්  අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය කියා සිටියේය.

යාපනය පොලීසියේ අපරාධ පොලිස් විමර්ශන ඒකකය විසින් අදාල සැකකරුවන් දෙදෙනා කොකුවිල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා 18 හැවිරිදි නල්ලූර් පාරේ පදිංචි යෝගරාසා සගීස් නොහොත් මුත්තු  හා කෝපායි මධ්‍යම ප්‍රදේශයේ පදිංචි අරුල් ෂිලන් පැට්‍රික් දිනේෂ් යන තරුණයින් වෙයි.

පසුගිය 30 වනදා යාපනය කෝපායි කොකුවිල් මාර්ගයේදී  යතුරුපැදිවලින් පැමිණි පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් කෝපායි පොලීසියට අනුයුක්ත පොලිස් නිළධාරීන් දෙදෙනෙකු තුවාල ලැබීය.

සිද්ධියට අදාළ සැකකරුවන් 06 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති අතර සැකකරුවන් දෙදෙනෙකු පසුගිය පළමුවෙනිදා අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසුව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ එම සැකකරුවන් දෙදෙනා ලබන 10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට යාපනය මහෙස්ත්‍රාත් එස්.සදීස්කරන් මහතා නියෝග කරනු ලැබීය.

මේ අතර අදාල පහර දීමෙන් තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් නිළධාරීන් දෙදෙනා එම රෝහලෙන් මාරු කර යවා  ඇති අතර එක් පොලිස් නිළධාරියෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා නාරාහේන්පිට පොලිස් රෝහලට මාරුකර යවා ඇති අතර අනෙක් නිළධාරීයාගේ ඉල්ලීම මත ඔහු මන්නාරම රෝහලට මාරු කර යවා ඇති බව කෝපායි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

22 views

One Comment to “යාපනයේ පොලිස් නිලධාරීන්ට පහර දුන් දෙදෙනෙක් අත්අඩංගුවට.. රිමාන්ඩ්..”

  1. CHANDA says:

    පොලිස් කාරයෝ දෙන්නා ඔවුන්මයි කපාගෙන තියෙන්නේ . කවුරුත් සන්හිදියාවට බාධා කරන්න එපා.

Main News