යාපනයේ පොලිස් නිලධාරීන් කඩුවලින් කපා කොටා ඇත්තේ ‘ආවා ගෲප්’..?
July 31, 2017 at 8:40 am | lanka C news
යාපනය කෝපායි කොණ්ඩාවිල් ප්රදේශයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට යතුරුපැදිවලින් පැමිණි පිරිසක් තියුණු ආයුධ වලින් සිදු කල පහර දීම හේතුවෙන් ස්ථාන කිහිපයක විශේෂ පොලිස් ආරක්ෂිත වැඩපිළිවලක් ආරම්භ කොට ඇත.
මේ අතර මෙම පහරදීම ආවා කල්ලියේ ක්රියාවක්දැයි යන්න සැක පහල වී ඇති අතර තවත් සැකයක් වී ඇත්තේ අදාල පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනා විසින් පැමිණිලි විභාග කිරීමේදී ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම පහර දීම සිදුව ඇති බවටයි.
කෙසේ වෙතත් පහරදුන්නේ කවුරුන්දැයි මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 04ක් ද අනියුක්ත කර ඇත.
ඊට අමතරව පසුගිය දින කිහිපයේදී තවත් උපපොලිස් පරික්ෂක වරයෙකුට පහර දීමක් සිදු වූ හෙයින් යාපනයේ සැක සහිත ස්ථානයන්හි පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ආරක්ෂාව දැඩි කොට තිබේ.
ඊයේ (30) පස්වරුවේ සිදු කළ මෙම පහරදීමෙන් සිංහල හා දමිළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු තුවාල ලැබු අතර ඔවුන් ප්රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට සිටියේය.
යතුරුපැදි 04 කින් පැමිණි තරුණයින් 11 දෙනෙකු පමණ පහරදීම සඳහා පළමුව පැමිණ ඇති අතර, තවත් යතුරුපැදි 04කින් පැමිණි පිරිසක් පසුව ඊට එක්ව ඇත.
කඩු සහ වෙනත් තියුණු ආයුධ භාවිත කරමින් මෙම පහරදීම සිදු කර ඇති අතර අදාල පහර දීම හේතුවෙන් පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනාගේ පිට ප්රදේශයට හා අත් වලට පා වලට තුවාල සිදු වී ඇති අතරම පොලිස් නිලධාරීන් දෙදෙනා ගමන්ගත් යතුරුපැදියටද දැඩි අලභහානි කොට සැකකරුවන් පලා ගොස් තිබුණි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Police also killers, so why we worry about those thugs
We are worrying because this how terrorist started earlier and same thing is repeating…you fools doesn’t understand what is happening
යාපනයට හමුදාව දාපියවූ හමුදා කඳවුරු ඉවත් නොකරවූ .බේ බඩ තඩි පොලිස් කාරයන්ට කල හැකි දෙයක් තිබේද ?
සිරිසේන තාම හමුදාවට බයද ?තමුන් තමුන් ගැන හිතන එක නවත්තලා තමුසෙගෙ පවුල ගැන පවුලේ බිස්නස් ගැන හිතන එක නවත්තලා කොන්ද කෙලින් තියාගෙන මේ රටේ මිනිස්සු වෙනුවෙන් සිංහලයා වෙනුවෙන් මේ රටේ පාලනය අතට අරගෙන හමුදා කඳවුරු සහ්ක්තිමත් කරලා උතුරට හමුදාව යොදවලා වහාම මේ අව ගෘප් මරා දාලා මේ ප්රශනය ඉවර කරනවා .නියපොත්තෙන් කඩන්න තියෙන එක මල්ටි බැරල් ගහන්න තියන්න එපා තමුසෙගෙ හත්මුතු පරම්පරාවටම සාප වේවි .අපේ රණවිරුවෝ දිවි පුදලා බේරාගත් රට අනේ අපරාදේ අපේ බල්ලෝ කරගත්තු මෝඩකමක් .ලක්ෂ හතරේ මොඩයිනි තොපිට සාප වේවා
Ava group is funded by Hora Rajapakshas to destabilize the government which has shown every signs to stay in power until 2030. The government’s success has sent shivers down the spine of Rajapakshas.
Sanhindiyawa uparimai
P…….. Police dan Umbalata Sathutuda ???
යාපනයට හමුදාව දාපියවූ හමුදා කඳවුරු ඉවත් නොකරවූ .බේ බඩ තඩි පොලිස් කාරයන්ට කල හැකි දෙයක් තිබේද ?
සිරිසේන තාම හමුදාවට බයද ?තමුන් තමුන් ගැන හිතන එක නවත්තලා තමුසෙගෙ පවුල ගැන පවුලේ බිස්නස් ගැන හිතන එක නවත්තලා කොන්ද කෙලින් තියාගෙන මේ රටේ මිනිස්සු වෙනුවෙන් සිංහලයා වෙනුවෙන් මේ රටේ පාලනය අතට අරගෙන හමුදා කඳවුරු සහ්ක්තිමත් කරලා උතුරට හමුදාව යොදවලා වහාම මේ අව ගෘප් මරා දාලා මේ ප්රශනය ඉවර කරනවා .නියපොත්තෙන් කඩන්න තියෙන එක මල්ටි බැරල් ගහන්න තියන්න එපා තමුසෙගෙ හත්මුතු පරම්පරාවටම සාප වේවි .අපේ රණවිරුවෝ දිවි පුදලා බේරාගත් රට අනේ අපරාදේ අපේ බල්ලෝ කරගත්තු මෝඩකමක්