යාපනයේ බැංකු ලොක්කෙකුගේ නිවසට ප්‍රහාරයක්.. මෝටර් රථයකටත් හානි…

December 18, 2018 at 2:06 am | lanka C news
යාපනයේ බැංකු ලොක්කෙකුගේ නිවසට ප්‍රහාරයක්.. මෝටර් රථයකටත් හානි…

යාපනය අරියාලෙයි ප්‍රදේශයේ පදංචිව සිටි රාජ්‍ය බැංකුවක කලමනාකරුවෙකුගේ නිවසට කිසියම් නාදුනන පිරිසක් විසින් පහර දී ඇති බවට යාපනය පොලීසිය කියා සිටයේය.

අළුයම් කාලයේදී අදාල රාජ්‍ය බැංකු කලමනාකාරවරයාගේ නිවසට යතුරු පැදි දෙකකින් පුද්ගලයින් සිව් දෙනෙකු පැමිණි ඇති අතර පැමිණි පිරිස් නිවෙස මංකොල්ල කෑමට පළමුව උත්සහ දරා ඇති අතර පසුව නිවැසියන් අවදි වීම හේතුවෙන් නිවසේ බඩු බාහිරාධියට සහ නිවසේ නවතා තිබූ මෝටර් රථයකට හානි කොට පලා ගොස් ඇති බවට යාපනය පොලීසියට තොරතුරු අනාවරනය වී ඇත.

යාපනයේ රාජ්‍ය බැංකුවක දිස්ත්‍රීක් කලමනාකරු වශයෙන් සේවය කරන ලද විසාධිසුනදරම් අරුලානනදන් නැමත්තා මේ වන විට විශ්‍රාමික ගෙන සිටින අතරම අදාල පහරදීම සිදුකරන ලද පුද්ගලයින් මෙතෙක් හඳුනාගෙන නොමැත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

8 views
Main News