යාපනයේ බෝම්බ ප්රහාරයක්..
December 17, 2018 at 12:40 pm | lanka C news
යාපනය කලඩ්ඩි ප්රදේශයේ පිහිටි පාසල් ගුරුවරයෙකුගේ නිවසකට ඊයේ (16) රාත්රියේ පෙට්රල් බෝම්බ ප්රහාරයක් එලල වී ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.
ජෙයරාසපුල්ලෙයි සෙන්දිල් වේල් නැමති අදාල ගුරුවරයා කයිට්ස් ප්රදේශයේ පාසල් ගුරුවරයෙකු වන අතර ඔහුගේ නිවස පිහිටා ඇත්තේ කලඩ්ඩි ප්රදේශයේ පිහිටි දැනට පොලීසියට භාරවී සිටින ආවා කල්ලි නායකයා වූ අශෝකන්ගේ නිවස ආසන්නයේය.
කෙසේ වෙතත් ඊයේ රාත්රියේ යතුරුපැදි 04 කින් මුහුණ වසාගත් 06 දෙනෙකු පැමිණ අදාල පාසල් ගුරුවරයාගේ නිවසට පෙට්රල් බෝම්බ ප්රහාරයක් එල්ල කොට පලා ගොස් ඇත.
අදාල ප්රහාරයෙන් නිවසේ කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර නිවසේ දේපලවලට පමණක් හානි සිදුව ඇති බවටත් අදාල පෙට්රල් බෝම්බ ප්රහාරය ආවා කල්ලියේ ප්රහාරයක් බවට සැකකරන්නේ යැයි පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
OK… let the dog eat Dog continue.
retribution has to come.
This is all to do with Vallalar fasicism and evil tamil culture.
උන්කලදේ වගේ දෙගුනයක් දැන් උන්ට පළදෙනවා