යාපනයේ බෝම්බ ප්‍රහාරයක්.. අයෙක් රෝහලේ.. 3ක් අත්අඩංගුවට…

September 30, 2018 at 4:40 pm | lanka C news
යාපනයේ බෝම්බ ප්‍රහාරයක්.. අයෙක් රෝහලේ.. 3ක් අත්අඩංගුවට…

යාපනය ප්‍රදේශයේ ක්‍රියාත්මක ආවා කල්ලිය ඊයේ (29) රාත්‍රිෙය් යාපනය මානිප්පායි ප්‍රදේශයේ සිදුකළ පහර දීමක් හේතුවෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව යාපනය මානිප්පායි පොලිසිය පැවසීය.

අදාල පහරදීම ධනුරොක් නමැති කල්ලියේ සාමාජිකයෙකුගේ නිවසකට එල්ලවී ඇති අතර  පළමුව පෙට්‍රල් බොම්බ ප්‍රහාරයන් දෙකක් එල්ල කොට ඇති අතර පසුව නිවසට ඇතල් වූ කණ්ඩායම නිවසේ වැකරමින් සිටි මේෂන්බාස් වරයෙකුට පහර දී පලා ගොස් ඇත.

සැකකරුවන් යතුරුපැදි තුනකින් පුද්ගලයින් නම දෙනෙකු පැමිණ අදාළ නිවස වෙතට පැමිණ පුද්ගලයාට පහරදී නිවසටද අලාභහානි සිදුකොට පලා ගොස් ඇත.

සැකකරුවන් පලා යන අවස්ථාවේදී පොලීසිය විසින් සිදු කරන ද සෝදිසි මෙහෙයුමකදී සිදුවීම සම්බන්ධයෙන් ආවා කාල්ලියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය මානිප්පායි ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 18 ත් 23 ත් අතර තරුණ‍යින් වන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සිද්ධියෙන් තුවාල ලැබු තුවාලකරු යාපනය රොහලට ඇතුළත් කොට  ඇති බවට මණිපායි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

37 views
Main News