යාපනයේ මහාධිකරණ විනිසුරුගේ ආරක්ෂකයාට වෙඩි තැබූ අය පලා ගිය යතුරුපැදිය හමු වේ.. හිටපු කොටියෙක් යයි සැක..

July 24, 2017 at 8:40 am | lanka C news
යාපනයේ මහාධිකරණ විනිසුරුගේ ආරක්ෂකයාට වෙඩි තැබූ අය පලා ගිය යතුරුපැදිය හමු වේ.. හිටපු කොටියෙක් යයි සැක..

යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවසගර් ඉලංචේලියන් මහතාගේ ආරක්ෂකයින්ට වෙඩි තබා පලා ගිය සැකකරු පැදවූ යතුරු පැදිය යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී දමා ගොස් තිබියදී හමු වූ බවට යාපනය පොලීසිය කියා සිටියේය.

යාපනය නල්ලූර් කෝවිල අසල මාර්ගයකදී යාපනය මහාධිකරන විනිසුරු ගමන් ගත් මෝටර් රථය හරස් කොට පොලිස් ආරක්ෂකයින්ට වෙඩි තබා පලා ගිය සැකකරු සමීපයේ සිටි කාන්තාවකගේ යතුරු පැදියක් පැහැරගෙන පලා ගොස් ඇති අතර පොලිස් සෝදිසි කිරීම් වලින් පසුව අදාල යතුරු පැදිය අරියාලෙයිහි අතුරු මාර්ගයක දමා ගොස් තිබියදී සොයාගෙන ඇත.

අදාල වෙඩි තැබීමෙන් පොලිස් සැරයන් වරයෙකු මිය ගිය අතර තවත් පොලිස් කොස්තාපල් වරයෙකු තුවාල ලබා රෝහල්ගත කරනු ලැබීය.

මෙම වෙඩි තැබීම සිදු කල සැකකරු හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු බවටත් පරික්ෂණ සිදු කරන පොලිස් විමර්ශන කණ්ඩායම් විසින් සැක පල කර සිටින අතර සැකකරු පලා ගිය ප්‍රදේශ පූර්ණ සෝදිසි කිරීමකට ලක් කර ඇති අතරම මේ වන විට ප්‍රධාන සැකකරුගේ ඥාතීන් දෙදෙනෙකුද අත්අඩංගුවට පත්ව ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

24 views

One Comment to “යාපනයේ මහාධිකරණ විනිසුරුගේ ආරක්ෂකයාට වෙඩි තැබූ අය පලා ගිය යතුරුපැදිය හමු වේ.. හිටපු කොටියෙක් යයි සැක..”

  1. SUNIMAL says:

    හිටපු කොටියා රටිනුත් පැනලා ගිහින් ඇති ..TNA එකේ කොටියෙක් වෙන්නැති

Main News