යාපනයේ මහාධිකරණ විනිසුරු තරුව ‘ඉලංචේලියන්’ ඓතිහාසික නියෝගයක් දෙයි.. සත්ව බිලි පූජා තහනම්..
October 25, 2017 at 3:50 pm | lanka C news
විවිධ වූ ආගමික උත්සවයන් වෙනුවෙන් යාපනය දිස්ත්‍රීක්කයේ පිහිටි කෝවිල් තුලදී සිදු කෙරෙන සත්ව බිලි පූජාවන් නොපවත්වන ලෙසට යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් මහතා නියෝග කොට ඇත.
සමස්ත ලංකා සෛව මහා සභාව විසින් ගොනු කරන ලද පෙත්සමක් ඊයේ (24) දින සලකා බැලීමෙන් පසුව යාපනය මහාධිකරණ විනිසුරු වරයා මෙම නියෝගය සිදු කළේය.
මීට පෙර යාපනය දිස්ත්‍රීක්කයේ පිහිටි කෝවිල්හි පවත්වනු ලැබූ දේව පූජාවන් වෙනුවෙන් මහා පරිමාණයෙන් සත්ව බිලි පූජාවන් සිදු කෙරෙන බැවින් එයට විරෝධය පා සෛව මහා සභාව විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.
කිසියම් අයුරකින් ඉදිරියේදී සත්ව බිලි පූජාවක් සිදු කරන්නේ නම් එම පාර්සවයන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසට යාපනය මහාධිකරන විනිසුරු වරයා විසින් උතුරු පලාත් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන්ට දන්වා ඇත.
පසුගිය යුද සමයේදී පවාද යාපනයේ පිහිටි කෝවිල් තුල එළුවන්,ගවයින් හා කුකුලන් ඇතුලු සතුන් විශාල සංඛ්‍යාවක් යොදා ගනිමින් බිලිපූජාවන් සිදු කල අතර එම බිලි පූජාවන් නවත්වන ලෙසට විවිධ සත්ව සංවිධාන මගින් විරෝධවන්ද සිදු කරනු ලැබීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
විනිසුරු තුමනි, මෙය හොඳ නියෝගයක්. ඔබතුමත් මාස කීපයකට පෙර බිලිපූජාවකට ගොදුරු වෙන්ට ගිහින් නූලෙන් බේරුනේ අපේ සිංහල පොලිස් නිලධාරිතුමා හිටිය නිසයි.
ඒ සැරේ සයිව සබාවත් සංඉඳියාවට බාදා කොරනව වගේ
you are really great. you know the suffering and pain of all beings. may the blessings of noble triple gem be upon you.
Good move .
In the same way what if animal slaughter is banned altogether. End of the day killing is same if it is for sacrifice or food.
After all, chicken, sprats etc are also killed animals.
Elumas rahai
ඉතාම හොඳ තීරණයක් .බැරිද ලංකාවටම ඕක බලපාන විදියට ඕක දෙන්න.
This judge has shown what great qualities he posses.