යාපනයේ මුස්ලිම් වැසියන් පදිංචි කිරීමට එරෙහිව විරෝධතා..

June 25, 2019 at 5:30 pm | lanka C news
යාපනයේ මුස්ලිම් වැසියන් පදිංචි කිරීමට එරෙහිව විරෝධතා..

යාපනයේ නාවන්තුරේ ප්‍රදේශයේ පිහිටි මාතා කෝවිල ඇතුළු විශාල ඉඩම් ප්‍රදේශයක මුස්ලිම් වැසියන් පදිංචි කරවීමට පියවර ඇතිය කියමින් එයට විරෝධය පා දෙමළ වැසියන් පිරිසක් විරෝධතාවයක නිරත වූහ.

විරෝධතාවය පැවති ස්ථානයට ප්‍රාදේශීය ලේකම් එස්. සුදර්ශන් මහතා සහ නාවන්තුරේ ග්‍රාම නිලධාරීවරයා පැමිණ විරෝධතාකරුවන් සමග සාකච්ඡා කොට තත්වය පාලනය කිරීමට උත්සහ ගත් අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි මෞලවිවරයෙකු එම මුළු භූමියම අයත් වන්නේ මුස්ලිම් වැසියන්ට බවත් එම ඉඩම් සියල්ලම රජය විසින් බලපත්‍ර මගින් ඔවුන් වෙත ලබා දී ඇති බව ප්‍රකාශ කිරීමටත් සමගම යලිත් විරෝධතා කරුවන් අතර නොසන්සුන්තවයක් ඇතිව තිබේ.

එහිදී ගම්වාසීන් විසින් එම ඉඩම් මුස්ලිම් වැසියන්ට ලබා දීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයාට හා ග්‍රාම නිලධාරීවරයාට විරෝධතාවය පෑ අතර එහිදී අදාල ඉඩම් සදහා මුස්ලිම් වැසියන්ට ලබා දී ඇතැයි කියන බලපත්‍රද රැගෙන ලබන 26 වෙනිදා යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස මුස්ලිම් වැසියන්ට දැණුම් දී ඇති අතර එදිනට නාවන්තුරේ ග්‍රාම සංවර්ධන සමීතිය ඇතුළු ප්‍රධාන සමීති කීපයක නිලධාරීන්ටද පැමිණෙන ලෙස දැණුම් දීමෙන් තත්වය පාලනය වී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

25,517 Viewers

9 Comments to “යාපනයේ මුස්ලිම් වැසියන් පදිංචි කිරීමට එරෙහිව විරෝධතා..”

  1. CAT says:

    LTTE ත්‍රස්තවාදීන් උතුරෙන් එළවා දැමු යාපනේ පදිංචිව සිටි සියලුම මුස්ලිම් සිංහල ජනතාව වහාම පදිංචි කරනු .
    යාපනේ දෙමළ නිජ බිමක් නොවේ සිංහල මාතෘ භුමියේ උතුරු පළාතයි
    දෙමල ජාතිකයන් ලංකාවේ සෑම පළාතකම පදිංචි වී සිටි…මේකද උතුරේ දෙමළ සංහිදියාව ?…
    මේ විරුද්ධතා දැක්වූ ජාතිවාදී දෙමළ ජාතිකයින් වහාම අත්අඩංගුවට ගත යුතුයි …නිතිය කාටත් පොදු විය යුතුයි විශේෂයෙන්ම TNA දෙමල ජාතිවාදී පක්ෂය තහනම් කරනු

    • Roshan says:

      Mokadda kiyalawath dannetguwa EY yako jegahanne.

    • මනෝජ් දහනායක says:

      ලෝකයේ දියුණු කිසිම රටක විශේෂයෙන් බටහිර රටවල වර්තමානයේ කිසිම විදියකින් එකම ජාතියකට නිවාස සංකීර්ණ වල හෝ එකම ප්‍රදේශයක පදිංචි වීමට දෙන්නේ නෑ. හැම විටම ඔවුන් විවිද ජනවර්ග මිශ්‍ර කර පදිංචි වීමට ඉඩ සලසනවා .මෙමගින් සමාජයේ සිදුවන ජාතිවාදී කටයුතු නැවත්වීමට හැකියි .එසේම මෙමගින් යම් ජන කොටාශයකට රටේ නීති විරෝදී කටයුතු කිරීමට තිබෙන අවස්ථාව අඩු කරනවා .විශේෂයෙන් බටහිර රටවල සුළු ජාතීන්ට කිසිම විදියකින් මෙසේ තමන්ට පමණක් වෙන්වූ ප්‍රදේශවල පදිංචි වීමට ඉඩ දෙන්නේ නෑ. අතීතයේ මෙසේ සැදුනු එක ජනවර්ගයකට පමණක් සිමා වූ ප්‍රදේශ නිසා අද බටහිර රටවල ත්‍රස්තවාදී ප්‍රශ්න මෙන්ම අනීතික වැඩ විශාල වසයෙන් සිදුවෙනවා බටහිර රටවලද ලංකාවේ කාත්තන්කුඩියේ මෙන් පොලිසිය ඇතුළු නොවන රටේ නීති බල නොපාන ප්‍රදේශ ඇතිවෙලා .නගර තුලද කුඩා ප්‍රදේශ ඇතිවෙලා
      ලංකාවේද මෙවැනි එක ජනකොටසකට පමණක් සිමා වූ ප්‍රදේශ තහනම් කිරීම කලයුතුයි එසේම අද අපාට්මන්ට් ආශ්‍රිතව යම් ජන කොටස් ඔවුන්ට පමණක් සිමා වූ අපාට්මන්ට් පවත්වාගෙන යනවා මේවා අනාගතයේ රටේ ආරක්ෂාවට තර්ජනයක් වියහැකි බංකර් හා රහසිගත යුද මෙහෙයුම් මද්යස්ඨාන විය හැකියි .වහාම මේ එක ජනකොටසකට පමණක් වෙන්කළ ඉඩමේ ජන අනුපාතය අනුව මිනිසුන් පදිංචි කරන්න

  2. Dilshan says:

    It’s wrong to create enclaves for different ethnic groups. It’s not allowed in Europe and they delibaratly settles different ethnic groups in one housing scheme. Specially Muslims should not be allowed to have their own villages where ever Muslims are there should me propotionetly more Tamil and Sinhalese nationals.
    Also government should not allow to make apartment buildings to the exclusive specific ethnic groups.

  3. LION says:

    යුද්ධයෙන් අවතැන් වුණු, ජීවත් වෙන්නට පිළිසරණක් නොමැති අපේ සිංහල ජනයා තවමත් අනාථ කදවුරු වලය. ඇතැමුන් අනාත කදවුරකටවත් හිමිකමක් නොමැතිව අපා දුක් විදිති. උතුරේ සිංහල වැසියන්ට මේ තාක් රජයනේ ලබා දී ඇත්තේ අක්කර හයක භූමි ප්‍රමාණයක් පමණකි. ඒ අක්කර හයද සිංහල පවුල් හැටක් සදහාය. සාධාරණද?

    • Saman says:

      කොහෙද ගොනෝ සිංහල ජනතාව අවතැන් කඳවුරුවල ඉන්නෙ? උබ ලයන් නෙවේ බූරුව කියල දාගනින්. 😀

  4. sinha le says:

    අද උතුරේ 99% ක්‌ම වෙසෙන්නේ දෙමළ ජනතාවයි. එහි පෙර සිටි සිංහල සහ මුස්‌ලිම් ජනතාවට සිදුවී ඇත්තේ කුමක්‌ද? ඔවුන්ව ජනවාර්ගික ශුද්ධයකට භාජනය කොට ඝාතනය කරමින් ඒ ප්‍රදේශයෙන් පලවා හැරීමයි. අද වර්තමාන ප්‍රධාන ඇමැති ඉතා ප්‍රසිද්ධියෙන් කියා සිටින්නේ සිංහල මුස්‌ලිම් ජනතාවට උතුරේ ජීවත්වීමට අයිතියක්‌ නැති බවත් එය ඔවුන්ගේ “නිජභූමිය” බවත්ය. උතුරේ විසූ සිංහල මුස්‌ලිම් ජනතාවට උතුරේ නැවත පදිංචිවීමට ඉඩ නොදෙමින් එහි කිසිම සිංහල මුස්‌ලිම් වෙළෙඳසලක්‌ ස්‌ථාපිත කිරීමට අවසර නොදෙමින්, උතුරේ පන්සල් සෑදීම විවෘතව තහනම් කරමින් වර්තමාන ද්‍රවිඩ දේශපාලනඥයින් මේ සම්පූර්ණ කරනුයේ ඉහත සඳහන් පළමුවන කරුණ වන “උතුරේ සුවිශේෂී වූ දෙමළ අනන්‍යතාවකින් යුත් ජනතාවක්‌ සිටින බැව්” තහවුරු කිරීමය.

    • The Citizens says:

      Why only displaced Muslims? Cannot these so called rulers ,who have got selected mainly from Sinhala votes ,try to resettle the displaced Sinhala people from the Northern and Eastern provinces,who had been living there for decades,prior to the L.T.T.E.’s brutal terrorism?
      Are they redressing the injustices caused to only to Tamil and Muslim people in those areas due to L.T.T.E.terrorism?

  5. Mangala says:

    Yapanaye Sinhala Muslin dela kalawan wiya yuthuya.Anek palathwala inne ehema nam munta bari mokada. Jathiwadaya kohewath baha. Rata purama sama samawa beda nodunnoth hamadama karadara iwarayak naha. Thanikara Muslim gammana Demala gammana thibiya nohaka. Sinhalayata kalawame inna puluwan nam mokada munta bari.

Main News