යාපනයේ මුස්ලිම් වැසියන් දමිල පුවත්පතකට එරෙහිව විරෝධතා…

September 2, 2018 at 6:48 pm | lanka C news
යාපනයේ මුස්ලිම් වැසියන් දමිල පුවත්පතකට එරෙහිව විරෝධතා…

යාපනය දිස්ත්‍රීක්කයේ සිටි මුස්ලිම් වැසියන් යුද සමයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් පින්නා දැමීම සාධාරනීකරනය කරමින් දමිළ පුවත්පතක ප්‍රවෘත්තියක් පල වීම හේතුවෙන් ඊට විරෝධය පල කරමින් විරෝධතාවක් පැවත්වුණි.

යාපනය ටවුන් පල්ලිය පිටුපස මෙම විරෝධතාවය පැවති අතර එහිදී විරෝධතා කරුවන් විසින් අදාල දමිළ පුවත්පතට දැඩි විරෝධය පාමින් පුවත්පත සහිත බැනරයක් ගිනි තැබීමටද කටයුතු කළහ.

එහිදී විරෝධතාවයේ නිරත වූවන් කියා සිටියේ යුද්දය හේතුවෙන් තමන්ටද සියලු දේ අහිමිව යුද්දයෙන් පසුව නැවත පදිංචිව මල සිට ජීවිතය ගොඩනගා ගත් අවස්තාවක පුවත්පතක් විසින් කොටි සංවිධානය සාධාරණීකරනය කොට පුවත් පල කිරීම දැඩි අසාධාරණයක් බැවින් එමගින් මුස්ලිම් ජනතාවටද දැඩි අසාධාරණයක් සිදුව ඇති බවටත්ය.

අදාල විරෝධතාවය උතුරු පලාත් සභාවේ මුස්ලිම් ජාතික මන්ත්‍රී අයුබ් බස්මීන් ඇතුලු පිරිසක් විසින් සංවිධානය කොට තිබූ අතර අදාල පුවත්පතේ පල වූ ප්‍රවෘත්තිය සාධාරණීකරන කොට නැවත පල කරන ලෙසටද විරෝධතා කරුවන් වැඩි දුරටත් කියා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

46 views

4 Comments to “යාපනයේ මුස්ලිම් වැසියන් දමිල පුවත්පතකට එරෙහිව විරෝධතා…”

  1. mahesh says:

    මුන්ගෙත් පොඩ්ඩ ඇත්නම් උද්ගෝශණ, හර්තාල්. මුන්ගෙ අයිතිවාසිකම් දිනාගන්න ඔක්කොම සටන්. අපි තමයි මෝඩයො වගේ පක්ශ බදාගෙන කුලල් කාගන්නෙ. මහින්ද ආවත් සි0හල අපිට වෙන කෙන් ගෙඩියක් නැහැ අපි හැමෝම එකතුවෙනකන් පාට පක්ශ නැතුව එක අරමුණකට.

    • Dg says:

      මම මේකට එකඟයි… වෙලාවෙ හැටියට මහින්ද තමයි නරක අඩුම විකල්පය.. සිංහල බෞද්ධයා වෙනුවෙන් කතා කරන්න දැන් කවුරුත් නැහැ.. අපිට වෙන රටකට යන්න විදිහකුත් නෑ.. අපේ දරුවන්ට මොන දුක් කරදර විඳින්න වෙයිද දන් නෑ

  2. LION says:

    එල් ටි ටි සංවිධානය 1990 සැප්තැමිබර් 27 හා 28 වැනිදා තුළ පැය 48 ක කාලයකින් උතුරු පළතේ මුස්ලිමි ජනතාව එළවා දැමීමට කටයුතු කොට උතුරේ ජිවත් වු මුස්ලිමි ජනතාව අවතැන් කිරීම හා එල් ටි ටි සංවිධානය පසුගිය යුධ සමයේ උතුරු පළාතේ මුස්ලිමි,සිංහල ජනතාව සමූල ඝාතනය කිරීම සමිබන්ධයෙන්ද ජිනිවා මානව හිමිකමි කමිටුව පරීක්ෂණයක් පැවැත්විය යුතුය.

  3. John the baptice says:

    Genocide of Muslims by LTTE Tamil Tigers

    http://www.slnewsonline.net/LTTE_Atrocities_Genoside_of_Muslims.asp

Main News