යාපනයේ මුහුදු වෙරල ප්ලාස්ටික් නිසා විනාශයි..

January 5, 2020 at 2:04 am | lanka C news
යාපනයේ මුහුදු වෙරල ප්ලාස්ටික් නිසා විනාශයි..

යාපනයේ පිහිටි මුහුදු වෙරල අලංකාරවත් කිරීමේ වැඩසටහනක් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ආරම්භ කොට ඇති අතර ප්ලාස්ටික් භාවිතය වැඩි වීම හේතුවෙන් මුහුදු වෙරල අපිරිසිදු වීමේ දැඩි අවධානමක් පවතින බවට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතාගේ උපදෙස් පරිදි 51, 52 සහ 55 සේනංකාධිපතිවරුන් සමග යුද හමුදා සෙබලුන් විසින් යාපනය මුහුදු වෙරලේ ස්ථාන කිහිපයක් පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කොට ඇත.

මුහුදු වෙරල පිරිසිදු කිරීමේ කටයුතු වල නිරත යුද හමුදා නිලධාරීන් පවසා සිටියේ යාපනයේ මුහුදු වෙරලාශ්‍රිතව ජීවත් වෙන ධීවර ජනතාව මෙන්ම සංචාරක ජනතාවද මුහුදු වෙරල ආශ්‍රිතව ප්ලාස්ටික් අපද්‍රව්‍ය දමායාම හේතුවෙන් වෙරලබද අවලස්සන වීම මෙන්ම අපිරිසිදු වීමක්ද සිදුවන බවටය.

එමෙන්ම මුහුදු වෙරල අපිරිසිදු වීමත් නිසා සංචාරක ආකර්ශනයන් නොමැතිව යන අතරම දෙස් විදෙස් සංචාරකයින් යාපනයේ මුහුදු වෙරල අපිරිසිදු භාවය පිළිබඳව වැරදි චිත්‍රයක් ජාත්‍යන්තරයට පවා යාමෙන් රටට අපකීර්තියක් වන බැවින් යාපනයේ මුහුදු වෙරල සෑම විටම පිරිසිදුව තබා ගැනීමටත් ප්ලාස්ටික් භාවිතා කරන්නේ නම එය විධිමත්ව භාවිතා කරන ලෙසටද යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,829 Viewers

One Comment to “යාපනයේ මුහුදු වෙරල ප්ලාස්ටික් නිසා විනාශයි..”

  1. john the baptice says:

    සක්කිලි දෙමළුන්ට මොන පිරිසිදු කමක්ද ?අසුචි ගොඩවල් වල ඉන්න මිනිස්සුනේ … මෙය සිදුකරන්නේ ජාතිවාදී දෙමළුන් ඔවුන් එය කරන්නේ සිතාමතාම යි
    අපේ යුද හමුදා සෙබලුන් ලවා ඒවා පිරිසුදු කරන හැටි බලමින් ඔවුන් මෙලෙච්චේද වින්දනයක් ලබනවා ..මේවා පිරිසිදුකිරීම යාපනේ නගර සභා මගින් සිදුකල යුතුයි
    මේ මුහුදු වෙරල අපිරිසිදු කරන පුද්ගලයින්ට දැඩි දඩුවම් දියයුතුයි

Main News