යාපනයේ යතුරපැදි කල්ලිය නින්ජා ඇදුමින් එයි.. දෙදෙනෙකු කපා දමයි..

January 16, 2018 at 5:30 pm | lanka C news
යාපනයේ යතුරපැදි කල්ලිය නින්ජා ඇදුමින් එයි.. දෙදෙනෙකු කපා දමයි..

යාපනය කොකුවිල් මන්සන්ධියේදී ඊයේ (15) රාත්‍රියේදී යතුරුපැදි කල්ලියක් විසින් පුද්ගලයින් දෙදෙනෙකු තියුණු ආයුධවලින් කපා පලා ගොස් ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.

කොකුවිල් ලෝටස් මාර්ගයේ භද්‍රකාලි අම්මාන් කෝවිල අසල ගමන්කරමන් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට ඊයේ රාත්‍රියේ මෙසේ යතුරුපැදි දෙකකින් පැමිණි පිරිසක් විසන් තියුණු ආයුද වලින් පහරදී පලාගොස් ඇති අතර එසේ පහරකෑමට ලක් වූ තරුණයින් දෙදෙනාගේ අත්වලට පා වලට සිදු වූ තුවාල හේතුවෙන් මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ 24 වාට්ටුවේ ප්‍රතිකාර ලබයි.

මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ කොකුවිල් ප්‍රදේශයේම පදිංචි කරුවන් වන 22 හැවිරිදි නාගමිණි ජෙනිස්ටන් හා 49 හැවිරිදි කන්දයියා ශ්‍රී ගනීධන් නැමති පුද්ගලයින්ය.

අදාල පහරදීමට පැමිණි පුද්ගලයින් කව්රුන්දැයි යන්න තමන්ට හඳුනාගැනීමට නොහැකි වූ බවත් ඔවුන් පැමිණියේ මුහුණු වාසාගෙන බවත් පහරකෑමට ලක් වූ පුද්ගලයින් විසින් පොලීසියට පවසා ඇති අතර අදාල පහරදීම සම්බන්ධයෙන් යාපනය පොලීසිය විසින් පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2 views

One Comment to “යාපනයේ යතුරපැදි කල්ලිය නින්ජා ඇදුමින් එයි.. දෙදෙනෙකු කපා දමයි..”

  1. sinha le says:

    මහින්ද රජයේ මේ වගේ දේවල් තිබුනේ නැහැ නන්දිකඩාල් එකෙන් පස්සේ සිරිසේන ජාතික ගිය දෙමෙලෙන් කීවට පස්සේ තමා මේ දේවල් පටන්
    ගත්තේ

Main News