යාපනයේ යුද හමුදාව සතුව තිබූ තවත් ඉඩම් මුදාහරී..

July 16, 2019 at 2:06 am | lanka C news
යාපනයේ යුද හමුදාව සතුව තිබූ තවත් ඉඩම් මුදාහරී..

යාපනය වලිකාමම් උතුර ප්‍රදේශයේ යුද හමුදාව විසින් යුද සමයේදී පරිහරනය කරන ලද ඉඩම් අක්කර 27.5 ක් මුල් අයිතිකරුවන් වෙතට භාරදීමේ වැඩසටහනක් තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවත්වුණි.

උතුරු පලාත් ආණ්ඩුකාර සුරෙන් රාඝවන් මහතා සහ යාපනය ආරක්සඛ සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි යන අයගේ ප්‍රධානත්වයෙන් මෙම ඉඩම් භාරදීමේ වැඩසටහන පැවති අතර එම අවස්ථාවට ඉඩම්හි අයිතිකරුවන් පිරිසක්ද සහභාගී වී සිටියහ.

එහදී මුල් ඉඩම් අයිතිකරුවන් වෙතට ලබා දෙමින් උතුරු පලාත් ආණ්ඩුකාරවරයා කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සංකල්පයකට අනුව යුද්දයෙන් පසුව ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගෙන සිටි සාමාන්‍ය වැසියන්ගේ ඉඩම් ක්‍රමානුකූලව මුල් අයිතිකරුවන් වෙතට ලබා දෙමින් සිටින බවටත් ආරක්ෂක අංශ සතුව ඇති සෙසු ඉඩම්ද ඉදිරියේදී මුල් අයිතිකරුවන් වෙතට ලබා දීමට පියවර ගන්නා බවටත්ය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,284 Viewers

One Comment to “යාපනයේ යුද හමුදාව සතුව තිබූ තවත් ඉඩම් මුදාහරී..”

  1. sakalabujan says:

    Sinahala ayage lands Tamil ayata denna epaa…………..

Main News