යාපනයේ වැවක් යුද හමුදාව පිලිසකර කොට යුද හමුදාපති අතින් ජනතා අයිතියට…

November 11, 2019 at 2:03 am | lanka C news
යාපනයේ වැවක් යුද හමුදාව පිලිසකර කොට යුද හමුදාපති අතින් ජනතා අයිතියට…

යාපනය ජනතාවගේ වගා කටයුතු ඇතුලු අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් ජලය ලබා දීම උදෙසා යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ප්‍රතිසංස්කරණය කළ යාපනය පෙරියකුලම වැව ප්‍රතිසංස්කරණ කටයුතු නිමාකොට ජනතා අයිතියට පවරා දීම යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති ‍මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතාගේ මෙහෙයවීම යටතේ යාපනය ආරක්ෂක සේනා යුධහමුදා නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වය යටතේ පෙරියකුලම් වැව ප්‍රතිසංස්කරණය කටයුතු සිදු කර ඇත.

යාපනය දිස්ත්‍රික්ලේකම් නාගලිංගම් වේදනායගම් මහතාගේ හා ආචාර්ය සිදම්බරන් මෝහන් මහතාගේ ඉල්ලීම යටතේ යාපනය දිස්ත්‍රික්කයේ විශාලම වැව වන පෙරියකුලම වැව ප්‍රතිසංස්කරණය කිරීම යුද හමුදා ශ්‍රමදායකත්වයෙන් සිදු කර ඇත.

වැව ප්‍රතිසංස්කරණය කිරීම හමුවේ යාපනය අරාලි ප්‍රදේශයේ අක්කර 800 කට පමණ ජලය ලබා ගැනීමට හැකියාවක් පවතින බව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

7,211 Viewers

One Comment to “යාපනයේ වැවක් යුද හමුදාව පිලිසකර කොට යුද හමුදාපති අතින් ජනතා අයිතියට…”

  1. බෙර හඬ says:

    මේවාට දමිළ සොයුරන් ප්‍රතිචාර දැක්වපු හැටි දැන් දකින්න ඇති නේද ?

Main News