යාපනයේ වැස්සට කඩාගෙන ගිය පාලම එක රැයින් යුද හමුදාවෙන් හදයි…

December 7, 2019 at 12:00 pm | lanka C news
යාපනයේ වැස්සට කඩාගෙන ගිය පාලම එක රැයින් යුද හමුදාවෙන් හදයි…

යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කීරිමලෙයි හා පොන්නාලෙයි බී 75 ප්‍රධාන මාර්ගයේ පිහිටි පාලම කඩාගෙන යාම හේතුවෙන් අඩාල වූ ගමනාගමන කටයුතු එක් රැයක් තුලදී යථා තත්වයට පත් කිරීමට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙබලුන් පිරිසක් විසින් පියවර ගනු ලැබීය.

බී 75 ප්‍රධාන මාර්ගයේ මාණිප්පායි කුසුමන්තුරෙයි ප්‍රදේශයේ පිහිටි මෙම පාලම අඩි 30 ක් දිගින් හා අඩි 15 ක පළලකින් යුක්ත වූ අතර  පාලම ඊයේ (06) සවස වැසි ජලයට කඩාගෙන යාම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූරණයෙන්ම අඩාල වී තිබුණි.

මේ පිළිබඳව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතාට ප්‍රදේශවාසීණ් විසින් දැනුම් දීමෙන් පසුව එම අවස්ථාවේම ක්‍රියාත්මක වූ ආඥාපති 10 වන ඉංජිනේරු රෙජිමේන්තුවට හා 16 වන ස්වේච්ඡා ගැමුණු බලෑනියට හැකි ඉක්මණින් පාලම යථා තත්වයට පත් කිරීමට උපදෙස් ලබා දෙනු ලැබීය.

එහිදී ක්‍රියාත්මක වූ යුද හමුදා සෙබලුන් ඊයේ මධ්‍යම රාත්‍රිය වීඹටත් පෙරම පාලම නැවත සාදා යථා තත්වයට පත් කළ අතර මේ වන විට එහි ගමනාගමන කටයුතුද යථා ත්වයට පත්ව ඇති බවට යාපනය ආරක්ෂක සේනා මූළස්ථානය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

22,494 Viewers

4 Comments to “යාපනයේ වැස්සට කඩාගෙන ගිය පාලම එක රැයින් යුද හමුදාවෙන් හදයි…”

  1. Ungrateful bastards will never keep this kind of good deeds of our heroic soldiers do in their minds. Still we remember how those bastards acted when Hon. MR. Supplied with all necessities including infrastructure in North and East immediately after the war was over.

  2. David Milli-banda says:

    However much you do for the North, their Politicians or People will never be grateful.
    Such is the mentality of the people in the North.
    How much you do, its not enough.

    Ultimately we are the suckers

  3. Manik says:

    කොහොමදලඅපේ සිංහයන්ගේ වැඩ ජය වේවා

  4. පූමා says:

    අපේ කොල්ලො නැත්නම් සුමන්තිරම් ඇවිත් පාලම හදලා දෙනකම් තාමත් උන් දෙපැත්තේ බලං ඉන්න හැටි මැවිලා පේනවා.

Main News