යාපනයේ වැසියන්ට යුද හමුදාවෙන් අංගසම්පූර්ණ නිවාස 700 ක් ඉදිකොට භාරදෙයි…

December 19, 2019 at 2:05 am | lanka C news
යාපනයේ වැසියන්ට යුද හමුදාවෙන් අංගසම්පූර්ණ නිවාස 700 ක් ඉදිකොට භාරදෙයි…

යුද්දදෙන් පසු යාපනයේ නැවත පදිංචි පවුල් වෙනුවෙන් 2009 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුල අංග සම්පූර්ණ නිවාස 700 ක් මේ වන විට ඉදිකොට ජනතාවට භාර දී ඇති බවට යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතා පැවසුවේය.

යාපනය ආඥාපතිවරයා මේ බව කියා සිටියේ යාපනය කරවෙඩ්ඩි සහ පේදුරුතුඩුව ප්‍රදේශයන් තුල අඩු ආදායම්ලාබී පවුල් දෙකක් වෙනුවෙන් යුද හමුදා ශ්‍රමදායකත්වයෙන් නිවසට අවශ්‍ය ගෘහ උපකරනද සමගින් අංග සම්පූරණ නිවෙස් දෙකක් භාර දීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

යාපනය ආඥාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතාගේ උපදෙස් මත ධානපති කුමාර් වීරසූරිය මහතාගේ මුදල් පරිත්‍යාගයෙන් 55 වන සේනාංකයේ අධීක්ෂණයෙන් 551 බලසේනා මූලස්ථානයේ 4 වන  සිංහ රෙජිමේන්තු හා 16 වන ස්වේච්ඡා පාබල හමුදාව විසින් මෙම නිවෙස් දෙක ඉදිකොට ඇත.

නව නිවාස දෙක භාරදීමේ අවස්ථාවට යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් ,ධානපති කුමාර් වීරසූරිය , යාපනය ආඥාපතිතුමන් සමග සේනංකාධිපතිවරුවන් හා සාමාන්‍ය වැසියන් පිරිසක් සහභාගී වූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

42 views

One Comment to “යාපනයේ වැසියන්ට යුද හමුදාවෙන් අංගසම්පූර්ණ නිවාස 700 ක් ඉදිකොට භාරදෙයි…”

  1. OLU says:

    මේ ගෙවල් උතුරේ පදිංචි වී සිටි LTTE ත්‍රස්තවාදී සමයේ අනාථ වූ සිංහල ජනතාවටත් ලබා දුන්නාද ?
    මොකද්ද මේ තරම් යාපනයේ පමණක් නිවස හදන්නේ ?.මේ ගුණමකු ජාතිවාදී දෙමළුන් සිංහලයාට මෙතරම් වෙනස්කම් කරද්දී ,දෙමල ජාතිවාදී දේශපාලකයින් රටේ මුදල් ගසා කද්දී… අපේ රටේ මහජාතියේ බදු මහජාතියේ මුදලින් . .,සිංහල දුප්පත් ජනතාව දුක්විදිද්දී ඇයි සුළුජාතීන්ට පමණක් පහසුකම් සපයන්නේ ? අපේ රටේ මහජාතිය ගැන ප්‍රථමයෙන් සැලකිලිමත් විය යුතුයි ..අපේ සිංහල ජාතිය ශක්තිමත්කල යුතුයි නේද ? උතුර පමණක් ඇයි විශේෂත්වයක් ?

Main News