යාපනයේ විද්‍යා ඝාතක ස්විස් කුමාර් නිදහස් කල අතුරුදහන්.. දුටු තැන අල්ලන්නැයි නියෝග..

December 6, 2017 at 12:40 pm | lanka C news
යාපනයේ විද්‍යා ඝාතක ස්විස් කුමාර් නිදහස් කල අතුරුදහන්.. දුටු තැන අල්ලන්නැයි නියෝග..

යාපනයේ විද්‍යා දැරිය සමූහ දූෂණයකට ලක් කොට මරාදැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ ස්විස් කුමාර් නැමත්තා නිදහස් කළ උප පොලිස් පරීක්ෂකවරයාව වහාම අත් අඩංගුවට ගන්නා ලෙසට කයිට්ස් දිසා විනිසුරු එම්.රියාස් මහතා නියෝග කළේය.

විනිසුරුවරයා මෙම නියෝගය කළේ අදාල සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කරණ ලද උතුරු පළාත් බාරව සිටි ජේෂ්ෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට එරෙහිව පවතින නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය.

මෙම නඩු විභාගයේ සාක්කිවලට අනුව ප්‍රකාශ වී ඇත්තේ ”ස්විස් කුමාර්” ඇතුළු සැකකරුවන් හයදෙනෙකු කයිට්ස් පොලීසියට රැගෙන එන ලද අවස්ථාවේදී ශ්‍රී ගජන් නැමති උප පොලිස් පරීක්ෂකවරයෙකු පැමිණ ඔහුව යාපනය පොලීසිය වෙත රැගෙන ගොස් එහිදී ”ස්විස් කුමාර්” හා තවත් අයෙකුව නිදහස් කොට අනෙක් හතර දෙනා රිමාන්ඩ් කළ බවටයි.

මෙසේ සිදු කරන ලද්දේ නියෝජ‍්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත බව යාපනය මහාධිකරණයේදී  ප්‍රකාශ වීම නිසා නියෝජ්‍ය පොලිස්පතිවරයාව අත්අඩංගුවට ගෙන පසුව ඇප මත නිදහස් කරණු ලැබීය.

ඒසේ නියෝගයක් ලබාදීමක් හෝ අණ කිරීමක් හෝ ”ස්විස් කුමාර්” නිදහස් කිරීමට තමන්ගේ සම්බන්ධයක් නොමැති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා අධිකරණයට කොට ඇති  ප්‍රකාශයට අනුව සැකකරු නිදහස් කළ උප පොලිස් පරීක්ෂකවරයා වහාම අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරණ මෙන් විනිසුරුවරයා අද දින නියෝග කරනු ලැබීය.

නමුත් එම සිද්ධියට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයා විද්‍යා දැරියගේ නඩුව විභාග වෙමින් පවතින කාලයේදීම ප්‍රශ්න කිරීම සහා අත්අඩංගුවට ගැනීමට සෙව්වද හදිසියේම එම උපපොලිස් පරික්ෂක වරයා අතුරුදහන් වී ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ගජන් නැමති උප පොලිස් පරීක්ෂකවරයා  මෙම සිද්ධියට සම්බන්ධ බව හෙළිවීමෙන් පසුව ජුලි මාසයේදී යාපනයට ගිය පූජිත් ජයසුන්දර පොලිස්පතිවරයා ඔහුගේ සේවය අත්හිටුවීමට පියවර ගනු ලැබීය.

කේසේ වෙතත් අද දින විභාගයට ගත් අදාල නඩුව නැවත 2018 පෙබරවාරි 28 වනදා දක්වා කල් දැමීමටද කයිට්ස් මහේස්ත්‍රාත් වරයා පියවර ගනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

137 views

6 Comments to “යාපනයේ විද්‍යා ඝාතක ස්විස් කුමාර් නිදහස් කල අතුරුදහන්.. දුටු තැන අල්ලන්නැයි නියෝග..”

  1. මාමණ්ඩියා (දෙනියේ කුඹුර බදුගත්) says:

    පර යාපන දෙමළු, තොපි ඔය ඔක්කොම නැටුම් නටන්නේ ටික කාලයයි, අපේ මහින්ද මහත්තයා ආපුවාම බලමු මොකද වෙන්නේ කියලා

    • rathne says:

      Helo Mamamandia, You are the paraya,
      Mahinda made country is peaceful,but you try to make problems in Sri Lanka. I feel you are not supporting Mahinda you are enemy person of a party to him and his motivation. Don’t be foolish haraka.

    • visu says:

      පරයින් දමිලයින් නොවේ මචෝ………. දමිලයින් තවමත් ඔවුනගේ නායකයාව සමරනවා……… ඒකට අපේ සිංහලයින්…….අවුරුදු 30 ක් අපේ ජීවිතයට අමන නායකයින් බද්ද කර තිබු යුද්දයෙන් එඩිතරව පක්ෂ, පාට, ජාති, ආගම, කුල මල නොබලා බේරාගත් නායකයා………ඇතුළු හමුදා විරුවන් දංගෙඩියට යවන්න දතකනවා……….. පරයින් දමිලයින් ද ………? සිංහලයින් ද ………..?

  2. Sam Fernando says:

    Mamandia is one of the Ranil’s 300 boot licking IT group.

  3. danu says:

    පර දෙමලු එදා ඉදන් කලේ උන්ගේ එවුන්වම කපල කොටල, නත්නම් ගෑනු දූශනය කරල ඒව වීඩියෝ කරල පිටරටවලට ලන්කා හමුදාවෙන් කලා කියල චෝදනා කරන එකයි ආදාර ගන්න එකයි. මේ සිද්දියෙත් එක තෑනක එලියට ඈදුන කෑමාෆ්ලාජ් ඈදුමක් ඈදගෙන හමුදාවේ තොප්පි දාගෙන හිටපු එකක් ගෑන…. ඒක එක පාරටම යට ගියා… මේ රටේ ඉන්න පොන්න වෑඩිහිටියෝ මේව ගෑන බලන්නේ නෑ… උන් එක එක විකාර වලින් අන්ද වෙලා… පර සක්කිලි දෙමල හෑත්ත… ඔය මන්ඩතිව් වල ඉන්න අඩු කුලේ පර හෑත්තයි යාපනේ මේන් ලෑන්ඩ් එකේ ඉන්න වන්සක්කාරයෝ කියන පර හෑත්තයි තරහයි… මුන්ව හෑදි ගාල දන්න ඔනෑ මුදුදට

Main News