යාපනයේ විද්‍යා මෙන් කිලිනොච්චියේත් දූෂණය කොට මරා දැමලා..?

August 30, 2018 at 6:26 am | lanka C news
යාපනයේ විද්‍යා මෙන් කිලිනොච්චියේත් දූෂණය කොට මරා දැමලා..?

කිලිනොච්චිය,පණ්ණකඩ්ඩි ප්‍රෙද්ශයේ කුඹුරු යායක තිබි තරුණියකගේ මළ සිරුරක් (29) සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පැවසීය.

කිලිනොච්චිය පොලිසිය පැවසූවේ කුඹුරු යායක ඇළ මාර්ගයක තිබි මළ සිරුර සොයාගත් අතර,මළ සිරුර අසළ තිබි යතුරුපැදි යතුරක්,පාවහන් ඇතුළු කොටස් කිහිපයක් හමුවි ඇති බවද පොලිසිය සදහන් කළේය.

පොලිසිය මියගිය තරුණිය කවුරුන්දැයි යන්න මෙතෙක් අනාවරණය කොටගෙන ඇති අතර, මසුන් ඇල්ලීමට ගිය පිරිසක් මළ සිරුර දැක ඇති බවද පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූවේ මළ සිරුර කිලිනොච්චිය රෝහලේ මෘත ශරිරාගාරය වෙත යොමුකොට ඇති අතර, සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

37 views
Main News