යාපනයේ විරෝධතා..
May 31, 2018 at 8:02 am | lanka C news
දිනෙන් දින ඉහල යන ජීවන වියදම දරාගත නොහැකි අවස්ථාවක බඩුමිලද ඉහල යාම උතුරේ නැවත පදිංචි ජනතාවට දරාගත නොහැකි බව පවසමින් වහාම බඩුමිල අඩු කරන ලෙසට ඉල්ලා රජයට බලකෙරෙන විරෝධතාවක් යාපනයේදී සංවිධානය කොට තිබුණි.
ගෙවුනු වසර 40 ක කාලය තුල පැවති රජයන්ගෙන් ජනතාවට දැරීමට නොහැකි අයුරින් බඩුමිල ඉහල ගියේ වත්මන රජය පාලන සමයේ බැවින් වහාම අත්‍යවශ්‍ය ආහාර මිල ගණණ් ජනතාවට දැරිය හැකි අයුරින් අඩුකරන ලෙසට ඉල්ලා මෙම විරෝධතාව සංවිධානය කොට තිබුණි.
යාපනයේ මාක්ස්වාදී ලෙනින් පක්ෂය විසින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබූ අතර යාපනය බස්නැවතුම්පල ඉදිරියේදී විරෝධතාවය පැවත්වුණි.
විරෝධතාවයේ නිරත වූවන් වැඩි දුරටත් කියා සිටියේ,
‘යුද්දයෙන් පසුව උතුරු පලාත තුල නැවත පදිංචි වූ ජනතාවට අඩු ආර්ථික පහසුකම් වලින් යුත් වාතාවරණයක් තුල රජය විසින් බඩුමිල ඉහල දැමීම මගින් නැවත පදිංචි ජනතාව දැඩි ලෙස අසරණව සිටින අවස්ථාවක රජය නිහඩ පිළිවෙතක් අනුගමනය අනුමත කළ නොහැකි හෙයින් අත්‍යවශ්‍ය ආහාර මිල ගණණ් අඩුකොට ජනතාවට සහන සැලසීමට පියවර ගත යුතු බවටත්ය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
යාපනයේ මාක්ස්වාදී ලෙනින් පක්ෂය ජනතා විමුක්ති පක්ෂය සමග එකතු වී 20 වැනි සංශෝධනය ගේන්න කටයුතු කරන බව දැන් පෙනියනවා?