යාපනයේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්…

July 4, 2019 at 5:30 pm | lanka C news
යාපනයේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්…

යාපනය සංගානෙයි ප්‍රදේශයේ වෙළඳ සැළකට කිසියම් පිරිසක් විසින් ඊයේ (03) රාත්‍රියේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට ඇති බවට යාපනය පොලීසිය පවසයි.

අදාළ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන් වෙළඳ සැළ ඉදිරිපස ගිනි ගෙන ඇති අතර, වෙළඳ සැළ තුළ තිබු භාණ්ඩවලටද  හානිවි ඇත.

පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී වෙළඳ සැළ ඉදිරිපස සිටි දරුවන් දෙදෙනෙකුට හා වැඩිහිටියෙකුට සුළු තුවාල සිදුව ඇත.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කල බවට අනාවරනය වී ඇතත් අදාල ප්‍රහාරය එල්ල කරන ලද දෙදෙනා මේ දක්වා හඳුනාගෙන නොමැති අතරම අදාල ප්‍රහාරය ආවා කල්ලියේ ප්‍රහාරයක් බවට පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය සැක පල කර සිටියි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

100 views
Main News