යාපනයේ වෙළඳසැලකට හා නිවසකට ආවා කල්ලියෙන් ප්‍රහාරයක්..

March 1, 2020 at 2:02 am | lanka C news
යාපනයේ වෙළඳසැලකට හා නිවසකට ආවා කල්ලියෙන් ප්‍රහාරයක්..

යාපනය කොකුවිල් හා වන්නාර්පන්නෙයි ප්‍රදේශයන්හි වෙළඳසැලකට හා නිවසකට ආවා කල්ලිය විසින් පහරදීමක් සිදු කොට ඇති බවට යාපනය පොලීසිය පවසයි.

කොකුවිල් වන්නාර් පන්නෙයි පිහිටි වෙළඳසැලකට යතුරුපැදි දෙකකින් පස් දෙනෙකුගෙන් යුත් පිරිසක් හිස් ආවාරණ පැළඳ කඩු සහිතව ඇතුලුවී වෙළඳසැලේ බඩු බාහිරාදියට පහර දී වෙළඳසැල් හිමියාටද පහරදී ඇත.

අදාල පහරදීම සිදු කොට සැකකරුවන් යතුරු පැදිවලින් පලායන අයුරු අසල පිහිටි සී.සී.ටී.වී කැමරාවකද සටහන් වී ඇත.

මේ අතර යාපනය කොකුවිල් බටහිර ප්‍රදේශයේ අම්මාන් හින්දු කොවිල ආසන්නයේ පිහිටි නිවසකට හා මෝටර් රථයකටද පහරදී පලා ගොස් ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.

මුහුණු ආවාරණය කොට අංක තහඩු නොමැති යතුරුපැදිවලින් පැමිණ මෙම පහරදීම් ආවා කල්ලිය විසින් සිදු කොට ඇති බවට සැක පල කරන අතර  සී.සී.ටී.වී. කැමරා ආධාරයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද යාපනය පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

197 views
Main News