යාපනයේ සත්‍යග්‍රහ මණ්ඩපයක් ඉවත්කිරීමට යාමේදී උණුසුම් තත්වයක්…

March 23, 2021 at 5:30 pm | lanka C news
යාපනයේ සත්‍යග්‍රහ මණ්ඩපයක් ඉවත්කිරීමට යාමේදී උණුසුම් තත්වයක්…

යාපනය නල්ලූර් කෝවිල අසල පවත්වාගෙන ගිය සත්‍යග්‍රහ මණ්ඩපයක් යාපනය මහනගර සභාව විසින් ඉවත් කිරීමේ නියෝගයක් ප්‍රකාශයට පත්කිරීමත් සමග සත්‍යග්‍රහයේ නිරත වූවන් හා මහනගරසභා නියෝජිතයින් අතර ඇති වූ උණුසුම් තත්වයක් පොලීසියේ මැදහත් වීමෙන් පාලනය කරන ලදි.

යාපනය නල්ලූර් කෝවිල අසල කොටි සංවිධානය සහ දෙමළ අවි සංවිධානය විසින් ඝාතනය කරවූවන් සහ අතුරුදහන් කරවූවන්ගේ ඥාතීන්ගේ එකමුතුව විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට බල කරමින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කරමින් නල්ලූර් කෝවිල ආසන්නයේ මෙම සත්‍යග්‍රහ මණ්ඩපය ඉදිකොට තිබුණි.

මේ අතර (22) දින යාපනය මහනගරාධිපති විසින් අදාල සත්‍යග්‍රහය පැවත්වෙන මණ්ඩපය මහනගර සභාවේ කිසිදු අවසරයකින් තොරව ඉදිකොට ඇති බව සඳහන් කරමින් මණ්ඩපය වහාම ඉවත් කරගන්නා ලෙස දැනුම්දීමේ නිවේදනයක් නාගරික මන්ත්‍රීවරයෙකු මාර් ගයෙන් සත්‍යග්‍රහයේ නිරත වූවන්ට දැනුම් දීමත් සමගම මෙම නොසන්සුන්තාවය ඇතිව තිබුණු අතර පසුව එම ස්තානයට පොලීසියටද පැමිණ තත්වය පාලනය කරගැනීමට සිදු විය.

එහිදී පොලීසිය විසින් යාපනය මහනගර සභා නියෝජිතයින්ට දැනුම් දී ඇත්තේ අදාල සත්‍යග්‍රහය ඉවත් කිරීමට අධිකරණ තහනම් නියෝගයක් ලබාගෙන සාමදානව  නීත්‍යානුකූලව කටයුතු කරන ලෙසටය.

නමුත් සත්‍යග්‍රහයේ නිරතව සිටින පිරිස් පවසා සිටියේ,

‘මීට දින කිහිපයකට පෙර රජයට හා ආරක්ෂක අංශ වලට විරුද්ධව මෙම ස්ථානයේදීම යාපනය විශ්වවිද්‍යාල සිසුන් හා ස්වාමිවරයෙකු විසින් පැවත්වූ සත්‍යග්‍රහයන්ට කිසිදු තහනම් නියෝගයක් ඉදිරිපත් නොකෙරුනු අතර ශ්‍රීලංකා රජයට හා ආරක්ෂක අංශ වෙතට පක්ෂපාතීව කොටි සංවිධානය විසින් සිදුකරන ලද යුදඅපරාධයන්ට එරෙහිව සත්‍යග්‍රහයන් ආරම්භ කර සැනින් මෙලෙස විරෝධතා සහ තහනම් නියෝග ඉදිරිපත් වී ඇති හෙයින් මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයද අපක්ෂපාතීව් අවධානය යොමු කල යුතු කරුණක් බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

19,271 views

One Comment to “යාපනයේ සත්‍යග්‍රහ මණ්ඩපයක් ඉවත්කිරීමට යාමේදී උණුසුම් තත්වයක්…”

  1. Saleem says:

    උඹලට හරි ඔය දෙමළු තමයි. ගහන්න ගහන්න වදින තම්බිල තොපිට හොඳ වැඩියි.

Main News