යාපනයේ ස්ථාන තුනකදී නිවාස 3 කට ආවා කල්ලි පහරදීමක්…

July 6, 2018 at 5:30 pm | lanka C news
යාපනයේ ස්ථාන තුනකදී නිවාස 3 කට ආවා කල්ලි පහරදීමක්…

යාපනය චුන්නාකම් පොලිස් වසමට අයත් ප්‍රදේශ තුනකදී නිවාස 3 කට ඊයේ (05) රාත්‍රියේ ආවා කල්ලි පහරදීමක් හේතුවෙන් දැඩි නිවාස අලාභහානියක් සිදු වී ඇති බවට චුන්නාකම් පොලීසිය කියා සිටියේය.

චුන්නාකම් උඩුවිල්හි පදිංචි නවරත්න ඩේමින් ඉමේෂන් නැමත්තාගේ නිවසට හා උඩුවිල්හි පදිංචි ස්ටැන්ලි තනුජන් නැමත්තාගේ නිවසටද යුතුරු පැදි දෙකකින් පැමිණි සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් නිවසේ බුඩු බාහාරාදියට පහරදී ඇති අතර අනතුරු චුන්නාකම් ඉනුවිල් බටහිර ප්‍රදේශයේ පදිංචි විග්නේශ්වරන් යසින්තන් නැමත්තාගේ නිවසට පැමිණි පිරිසක් විසින් නිවසේ තිබූ භාණ්ඩ රැසකට හානි කොට පලා ගොස් ඇති බවට චුන්නාකම් පොලීසිය කියා සිටියේය.

අදාල පහරදීම් වලින් කිසිදු පුද්ගල හානියක් සිදු නොවී ඇති අතර නිවෙස් අලාභහානි පමණක් සිදු කොට ඇති අතරම නිවෙස්හි තිබූ යතුරුපැදි ,ත්‍රී රෝද රථ, ජනෙල් ,ගේට්ටු, රූපවාහිනී ඇතුලු උපකරණ සියල්ලක්ම විනාශ වී ඇත.

අදාල පහර දීම ආවා කල්ලියෙම තවත් කණ්ඩායමක් වන අශෝක් කුමාර්ගේ කල්ලිය විසින් සිදු කරන ලද පහරදීමක් බවටත් පහරදීම් සිදු කරන ලද කිසිවෙකුත් අත්අඩංගුවට ගැනීමට මේ වන තුරු නොහැකි වූ බවටද පරික්ෂණ සිදු කරන චුන්නාකම් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

31 views

4 Comments to “යාපනයේ ස්ථාන තුනකදී නිවාස 3 කට ආවා කල්ලි පහරදීමක්…”

  1. පව් රාජිත ඉන්නකම්්බයවෙන්න එපා වන්දි ඩබල්කරලා ගෙවයි, සංහිදියාව පවත්වාගෙන යන්න

  2. click says:

    යහපාලන ආණ්ඩුව ආවාට පස්සෙ මේ රටේ නීතිය බල්ලට ගිහින්.

  3. LION says:

    මුන්ට පාඩමක් උගන්වන්න කරුණාකර උතුර පොලිසිය ගෙදර යවා හමුදාවට බාරදිපල්ලා

  4. Dushantha says:

    මේ වගේ සිද්දීන්ගෙන දිනපතා යාපනේ සාමනය ජනතාව පීඩාවට පත් වෙන කොට ඒ සාමනය මිනිස්සුන්ටත් ප්‍රබාකරන් හිටියනන් හරි කියලා හිතුනොත් පුදුම වෙන්ඩ දෙයක් නෑ. රට පුරාම අපරාධ රට නරකාදියක් වෙලා තියෙන්නෙ. ටීවී නිව්ස් වලට කිව්වෙ අනුරාධපුර දියනියට අතවර කරනවට විරුද්ධ වෙච්ච පියාව කපලා කොටලා මරලා කියලා. රටකට ගිය කල.

Main News