යාපනයේ සියපුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරෙයි… පොලිස් නිලධාරීන් කනගාටුවෙන්…

December 21, 2018 at 8:02 am | lanka C news
යාපනයේ සියපුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරෙයි… පොලිස් නිලධාරීන් කනගාටුවෙන්…

යාපනය දිස්ත්‍රීක්කය තුල පිහිටි ඇතම් පොලිස් ස්ථානයන්හි අපරාධ මැඩලීම දුර්වල හා පහල තත්වයක පැවතීම හේතුවෙන් යාපනයේ සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු වලංගු කිරීමට උතුරු පලාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් පියවර ගෙන ඇත.

යාපනය දිස්ත්‍රීක්කය තුල පිහිටි පොලිස් කොට්ඨාශ 09ම නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන ඇත්තේ පසුගිය දිනයන්හි සිදුවූ අපරාධ රැල්ල මැඩපැවත්වීම ඉතා අඩු අගයක් ගැනීම හා පොලිස් නිලධාරීන්ගේ දුර්වල ක්‍රියාකලාපයන් හේතුවෙන් බවට නිවාඩු අවලංගු කිරීමට හේතු වශයෙන් දැනුම් දී ඇත.

කෙසේ වෙතත් අදාල නිවාඩු අවලංගු කිරීමේ නිවේදනය පිළිබඳව යාපනය දිස්ත්‍රීක්කයේ බොහෝ පොලිස් නිලධාරීන් පිරිසකගේ දැඩි කනගාටුවකට ලක්ව ඇත්තේ අපරාධ මැඩලීමේදී ඇතම් පොලිස් ස්ථානයන් ඉතා ඉහල අගයක් ගන්නා අතරම ඇතම් පොලිස් ස්ථාන පහල අගයක් ගන්නා අවස්ථාවේදී පහල අගයක් හෝ අපරාධ මැඩලීමේ දුර්වල පොලිස් ස්ථානයන්ට පමණක් නිවාඩු අවලංගු කිරීම සිදු නොකොට සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීම පිළිබඳව කනගාටුවට හා කලකිරීමට ලක්ව සිටින බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

24 views

One Comment to “යාපනයේ සියපුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරෙයි… පොලිස් නිලධාරීන් කනගාටුවෙන්…”

  1. ජඩාධිපති අතේ තියෙන පොලිසියට රණවිරුවන්ට සලකන විදිහ අපූරුයි. ඔන්න ජඩාධිපතිගෙ දේශප්‍රේමය.

Main News