යාපනයේ සුසාන භූමි ගැටලුව විසඳිය හැක්කේ උතුරු පලාත් සභාවටයි..

August 13, 2017 at 2:16 am | lanka C news
යාපනයේ සුසාන භූමි ගැටලුව විසඳිය හැක්කේ උතුරු පලාත් සභාවටයි..

යාපනයේ පුතූර් ප්‍රදේශයේ මසකට ආසන්න කාලයක් පුරා සත්‍යග්‍රහයක යෙදී සිටින පිරිසකගේ සුසාන භූමිය පිළිබදව ගැටළුව පිලිබදව සාකච්චාවක් උතුරු පළාත් ආණ්ඩුකාර පැවත්විණි.

ජනාකීර්ණ ප්‍රදේශයක් මධ්‍යයේ පවත්වාගෙන යනු ලබන සුසාන භූමියක් නිසා එහි ආදාහනය කරනු ලබන මෘත දේහ වලින් පිටවන දුමාරය හා දුර්ගන්ධය ප්‍රදේශ වාසීන්ට ඉතා අහිතකර තත්වයක් මතුවී ඇති බවටත් මෙම සුසාන භුමිය පාලනය කරනු ලබන්නේ පුද්ගලික සුසාන භුමි පාලන කමිටුවකින් වන බවට සත්‍යග්‍රහයේ නිරත වැසියන් කියා සිටිති.

ප්‍රදේශයේ ජනතාවගේ විරෝධය නොතකා එය පවත්වාගෙන යාම නිසා එයට උරණ වූ ැසියන් ිරිසක් සුසාන භූමියේ තාප්පය පසුගියදා කඩා ඇති අතර මේ හේතුවෙන් 30ක් පමණ දෙනාට බන්ධනාගාර ගත වීමට සිදු විය.

එහිදී අධිකරණය මගින් ලබා දුන් තීන්දුව වූවේ සුසාන භුමිය වටා උස තාප්පයක් ඉදිකරන ලෙසටත් තවද අඩි 10ක් උස දුම් කවුළුවක් සහිත ගෑස්  ආදාහනාගාරයක් ඉදිකිරීමටයි.එයට වියදම් වන රුපියල් මිලියන 7ක මුදල ආදාහනාගාර කමිටුව විසින් දැරිය යුතු වන බවටත්ය.

නමුත් මෙම තීරණයට ගම් වැසියන් එකග නොවන අතර ඔවුන් පවසා සිටින්නේ එම සුසාන භුමිය එම ස්ථානයෙන් ඉවත් කල යුතු බවත් ඊට ආසන්නයේ පිහිටා තිබෙන අක්කර හතර හමාරක  පමණ විශාල භුමිය ඒ සියල්ලටම ප්‍රමාණවත් බවත්ය.

මෙම ගැටලුව සම්බන්ධයෙන් උතුරු ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී උතුරු ආණ්ඩුකා කියා සිටියේ සුසාන භුමි පරිපාලනය නීත්‍යානුකුල අයිතිය වන්නේ පළාත් පාලන ආයතන වලට බවත් උතුරු පළාතේ උද්ගත වී ඇති මෙම ආරවුලට විසදුම් ලබා දිය යුත්තේ පළාත් පාලන ආයතන,එම කොමසාරිස් හා උතුරු පළාතේ පළාත් පාලන අමාත්‍යාංශය මගින් වන අතර එම ගැටලුව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙසටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

18 views
Main News