යාපනයේ හිටපු ආවා කල්ලි සාමාජිකයෙකුගේ නිවසකට බෝම්බ ප්‍රහාරයක්
June 30, 2018 at 12:40 pm | lanka C news
යාපනය සරසවිය ආසන්නයේ රාමනාදන් වීදියේ පිහිටි නිවසකට ඊයේ (29) රාත්‍රිෙය් පැමිණි පිරිසක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.
යාපනය සරසවිය ආසන්නයේ පිහිටි රාමනාදන් මාර්ගයේ පිහිටි නගුලේස්වරන් යන අයගේ නිවසට මෙම පෙට්‍රල් බොම්බ ප්‍රහාරය එල්ල වී ඇති අතර පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට යතුරුපැදි තුනකින් මුහුණ වසාගත් පිරිසක් පැමිණි ඇති අතරම බොම්බ ප්‍රහාරයෙන් අනතුරුව පැමිණි පිරිස් විසින් නිවසේ තිබූ බඩු බාහිරාදියඩ හානි කොට පලා ගොස් ඇත.
පෙටල් බෝම්බ ප්‍රහාරය එල්ල වූ නිවසේ හිමිකරුගේ එක් පුතෙකු ආවා ක්‍රියාකාරකමක් හේතුවෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇති අතර පහර කෑමට ලක්වූ නිවසේ හිමිකරු විසින් අදාල පහරදීම සම්බන්ධයෙන් යාපනය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ අදාල පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ ධනුරොක් කණ්ඩායමේ පිරිසක් බවටයි.
ඒ අනුව අදාල පැමිණිල්ලට අනුව පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කළ පිරිස් සොයා යාපනය පොලීසිය විසින් පරික්ෂණයක් ආරම්භ කොට ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
උතුරේ සිංහල මුස්ලිම් ජනතාවට කල අපරාද දැන් මුන්ට පළදෙනවා කලදේ පලදේ
බෝම්ම ගහලා මදි මේ ආවා ත්රස්තවාදීන්ට …ආණ්ඩුවෙන් මේ ත්රස්තවාදීන් මර්ධනය නොකරන්නේ නම් රටේ ජනතාව වත් එය සිදු කල යුතුයි
Send these ‘ awa terrorist groups’ to hell…