යාපනයේ හින්දු කෝවිලක් බිමට සමතලා කරයි.. දේව පිලිම කුඩුපට්ටම්..

July 26, 2019 at 10:00 am | lanka C news
යාපනයේ හින්දු කෝවිලක් බිමට සමතලා කරයි.. දේව පිලිම කුඩුපට්ටම්..

යාපනය චුණ්ඩික්කුලි ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිලකට ඊයේ (25) රාත්‍රියේ ඇතුල් වූ පිරිසක් විසින් අදාල කෝවිල සම්පූරණයෙන්ම කඩා දේව රූපද විනාශ කොට පලා ගොස් ඇති බවට ප්‍රදේශවාසීන් පවසති.

චුණ්ඩික්කුලි මූලායි මාර්ගයේ පිහිටි ශ්‍රී වයිරවර් හින්දු කෝවිල හා දේව රූප මෙසේ විනාශ කොට ඇති අතර කෝවිලේ සියලුම බිත්ති බිමට සමතලා කොට දේව රූප  කිහිපයක් විනාශ කොට තවත් දේව රූප කිහිපයක් රැගෙන ගොස් ඇත.

කෙසේ වෙතත් අදාල කෝවිල අවට ප්‍රදේශවාසීන් පවසා සිටියේ කෝවිලේ ප්‍රධාන පූජක වරයා  හා තවත් පිරිසක් අතර ඇති ආරවුල් දුර දිග යාමෙන් මෙම සිදුවීම සිදුව ඇති බවටත් විශාල පිරිසක් වන්දනාමාන සිදු කරන ලද කෝවිල කඩා විනශා කරවුන්ට එරෙහිව නීතිමය පියවර වහාම ගත යුතු බවටත්ය.

අදාල කෝවිල කඩන ලද පුද්ගලයින් කව්රුන්ද යන්න මෙතෙක් හෙලි වී නොමැති අතර යාපනය පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණයක් අරඹා ඇත.

මීට පෙරද යාපනය දිස්ත්‍රීක්කයේ ස්ථාන කිහිපයක කිතුනු දේව සුරුවම්ද කිසියම් පිරිස් විසින් කඩා විනාශ කිරීම් කිහිපයක් වාර්ථා වී ඇති බවටද යාපනය පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

17 views

2 Comments to “යාපනයේ හින්දු කෝවිලක් බිමට සමතලා කරයි.. දේව පිලිම කුඩුපට්ටම්..”

  1. suranga says:

    තමන් උපතින් ලද ආගම තම නුවනින් විමසා බලා හොඳ මාර්ගයට යාම මිසක් අනෙකාගේ ආගම කෙරෙහි ද්වේශයෙන් කටයුතු කරන්නේ අඥානයන්ය. තවද අපට ආගම උපත මත ලැබෙන දෙයක් බැවින් එ් මත අන්‍යාගමිකයන් හා ඔවුන්ගේ විශ්වාස හ‍ෙ ආගමික ස්ථාන විනාශ කිරීමද අඥාන ක්‍රියාවකි.

  2. MD says:

    Mano ganesanlage sanhidiya nirwata oya penenne

Main News