යාපනය උණුසුම්.. සිසුන් දෙදෙනක් මරුට.. පොලිසියේ පහක් රිමාන්ඞ්..

October 22, 2016 at 12:40 pm | lanka C news
යාපනය උණුසුම්.. සිසුන් දෙදෙනක් මරුට.. පොලිසියේ පහක් රිමාන්ඞ්..

යාපන සරසවියේ සිසුන් දෙදෙනෙකු මිය යාම සම්බන්දයෙන් සැක පිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් පස් දෙනා යාපනය මහේස්ත්‍රාත් අධිකරණ විසින් නොවැම්බර් මස 04 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

මේ වන විටත් අදාල පොලිස් නිලධාරීන් පස් දෙනාගේ සේවය අත්හිටුවා තිබේ.

මෙම සිසුන් දෙදෙනා ගමන් ගත් යතුරු පැදිය අනතුරට ලක් වීමෙන් මියගිය බවට පොලීසිය කලින් නිවේදනයක් නිකුත් කර තිබුණද වෙඩි තබා සිදු කරන ලද ඝාතනයක් යයි පසුය ඇති වූ සැක පිට මෙම පොලිස් නිලධාරීන් පිරිස අත්අඩංගුවට ගනු ලැබීය.

0 views

3 Comments to “යාපනය උණුසුම්.. සිසුන් දෙදෙනක් මරුට.. පොලිසියේ පහක් රිමාන්ඞ්..”

  1. සේදිරිස් අප්පු says:

    එන පොට නං හොඳනෑ වගේ…………

  2. SB says:

    .4වැනි ඊලාම් යුද්ධයේ ආරම්භය????

Main News