යාපනය කන්කසන්තුරෙයි විහාරයේ චෛත්‍යට සහ ආරාමයකට යුදහමුදාපති මුල්ගල තියයි….

February 3, 2021 at 2:27 am | lanka C news
යාපනය කන්කසන්තුරෙයි විහාරයේ චෛත්‍යට සහ ආරාමයකට යුදහමුදාපති මුල්ගල තියයි….

යාපනය කන්කසන්තුරෙයි ඓතිහාසික තිස්ස රජමහා විහාරයේ චෛත්‍යකට සහ ආරමයක් ඉදිකිරීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබනු ලැබීය.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ අධීක්ෂණයන් පරිදි යුදහමුදාපතිතුමන් අතින් මුල් ගල තැබුනු තිස්ස රජමහා විහාරයේ චෛත්‍ය සහ ආරාමය ඉදිකිරීම කටයුතු සඳහා ශ්‍රමදායකත්වය ලබා දෙනු ලබන්නේ 05 වන ඉංජිනේරු සේවා බලකා සෙබලුන් විසිනි.

අඩි 100 ක් උසකින් යුතු චෛත්‍ය සහ ආරාමය ඉදිකිරීම සඳහා මොරටුව විශ්ව විද්‍යාලයේ ගෘහ නිර් මාණ ශිල්ප පීඨයේ සිසුන් විසින් සැලසුම ලබා දී ඇති අතර එම විශ්වවිද්‍යාලයේ මහාචාර් ය සමිතා මානවඩු සහ මහාචාර් ය නිමල් ද සිල්වා යන අය විසින් තාක්ෂණික විශේෂඥ දැනුම ලබා දෙනු ලබයි.

ක්‍රි.පූ තුන්වන සියවසේ දේවානම් පියතිස්ස රජසමයේදී සංඝමිත්තා තෙරණීන් වහන්සේ ශ්‍රීමහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කොට යාපනයේ සිට අනුරාධපුර දක්වා වැඩම කල අතරවාරයේ විවේක ගැනීම සඳහා මෙම තිස්ස රජමහා විහාරයේ නවාතැන් ගෙන ඇති බවට ඉතිහාස බෞද්ධ ග්‍රන්තයන්හි සඳහන් වෙයි.

චෛත්‍ය සහ ආරාමය ඉදිකිරීම සඳහා මුදල් ප්‍රතිපාදන බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයෙන් ලබා දෙන අතර මුල්ගල තැබීමේ අවස්ථාවේ ආගමික වතාවත් සඳහා අස්ගිරි පාර් සවයේ අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් ඇතුලු සංඝයා වහන්සේලා ප්‍රධානත්වයෙන් සිදු වූ අතර තවද යුදහමුදා ජ්‍යේෂඨ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

16,898 views
Main News